
අඹතලේ ජල පවිත්‍රාගාරයේ ප්‍රධාන පොම්පාගාරයට සිදුකරන විදුලි සැපයුම අත්හිටුවීමක් හේතුවෙන් කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි. ඒ අනුව, හෙට (18) දින උදෑසන 10.00 සිට පස්වරු 7.00 දක්වා පැය නවයක කාලයක් මෙම ජල කප්පාදුව ක්‍රියාත්මක වනු ඇත.
විදුලි කප්පාදුව හේතුවෙන් අඹතලේ පවිත්‍රාගාරයේ මෙහෙයුම් කටයුතු තාවකාලිකව නැවැත්වීමට සිදුවීම මෙම ජල සැපයුම අත්හිටුවීමට ආසන්නතම හේතුවයි.
ඒ අනුව කොළඹ 01 සිට 15 දක්වා සියලුම ප්‍රදේශ, බත්තරමුල්ල, පැලවත්ත, කෝට්ටේ, රාජගිරිය, මිරිහාන, මාදිවෙල, තලවතුගොඩ, හෝකන්දර, කොස්වත්ත, නුගේගොඩ, නාවල, මහරගම, බොරලැස්ගමුව, දෙහිවල, රත්මලාන සහ මොරටුව යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ලැබේ. ඊට අමතරව කොලොන්නාව, කොටිකාවත්ත, අංගොඩ, අයි.ඩී.එච්., වැල්ලම්පිටිය සහ ඔරුගොඩවත්ත යන ප්‍රදේශවලටද මෙම ජල කප්පාදුව බලපානු ඇත.
මෙම අත්‍යවශ්‍ය නඩත්තුව හේතුවෙන් පාරිභෝගික ජනතාවට සිදුවන අපහසුතාවය පිළිබඳව සිය කණගාටුව පළ කරන ජල සම්පාදන මණ්ඩලය, අවශ්‍ය ජලය කල්තියා ගබඩා කර ගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.
Comments
Post a Comment
Your comment will be visible after approval