visitors-to-katunayake-airport-departure-terminal-restricted

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ කාර්යබහුල වේලාවන්හිදී පිටත්වීමේ පර්යන්තයේ ඇතිවන අධික තදබදය අවම කිරීමේ අරමුණින්, ගුවන් මගීන් සමඟ පැමිණෙන අමුත්තන්ට එම පර්යන්තයේ ආලින්දයට ඇතුළුවීම

තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ. ගුවන්තොටුපළ අලෙවිකරණ සහ ආයතනික සන්නිවේදන අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.

ඒ අනුව, සෑම සතියකම බ්‍රහස්පතින්දා, සිකුරාදා සහ සෙනසුරාදා දිනවල රාත්‍රී 10.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා කාලය තුළ මෙම සීමා කිරීම ක්‍රියාත්මක වනු ඇත.

පසුගිය දිනවල, විශේෂයෙන්ම ගුවන් යානා වැඩි වශයෙන් පිටත්වන මෙම කාලසීමාවන් තුළ මගීන් සහ අනෙකුත් ගුවන්තොටුපළ පරිශීලකයන් දැඩි අපහසුතාවට පත්ව තිබුණි. මෙම තීරණය ගෙන ඇත්තේ ඔවුන් වෙත වඩාත් කාර්යක්ෂම සහ සුමට සේවාවක් සැපයීමේ අරමුණින් බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.