two-killed-20-injured-in-omanthai-road-accident

 යාපනය - මහනුවර A9 ප්‍රධාන මාර්ගයේ, ඕමන්තේ ප්‍රදේශයේදී ඊයේ (17) පස්වරුවේ කැබ් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ මාරක රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් විසි දෙනෙකු පමණ තුවාල ලබා තිබේ. 



අනතුරට ලක්ව ඇත්තේ කිලිනොච්චිය, විශ්වමඩු ප්‍රදේශයේ පදිංචි ඥාතීන් පිරිසක් බවත්, මහනුවර ප්‍රදේශයේ පැවති අවමංගල්‍ය උත්සවයකට සහභාගී වී නැවත නිවෙස් බලා පැමිණෙමින් සිටියදී ඔවුන් මෙම අනතුරට මුහුණ පා ඇති බවත් පොලීසිය පවසයි.

හැටන් සිට කිලිනොච්චිය, විශ්වමඩු බලා ගමන් කරමින් තිබූ කැබ් රථය සහ යාපනයේ සිට වව්නියාව දෙසට ධාවනය වෙමින් තිබූ ලොරි රථය එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. අනතුරින් මියගොස් ඇත්තේ කැබ් රථයේ ගමන් ගත් විශ්වමඩු ප්‍රදේශයේම පදිංචි 37 හැවිරිදි කාන්තාවක් සහ 31 හැවිරිදි පුද්ගලයෙකු බව පොලීසිය තහවුරු කර තිබේ.



gossiplanka image 2