
නාරාහේන්පිට ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ ඉන්දියානු අවන්හලකදී ඉන්දියානු ජාතිකයන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති බව නාරාහේන්පිට පොලිසිය පවසයි. මෙම පහරදීම සම්බන්ධයෙන් තවත් ඉන්දියානු ජාතිකයන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
මූලික පොලිස් විමර්ශනවලට අනුව, අවන්හලේ සේවය කරන ඉන්දියානු සේවකයන් දෙදෙනෙකු අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් මෙම ගැටුම හටගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
කොළඹ දකුණ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලූෂන් සූරියබණ්ඩාර මහතාගේ උපදෙස් මත, නාරාහේන්පිට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අඛිල රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නිලධාරී කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval