the-story-of-ranil-being-admitted-to-the-prison-hospital-due-to-high-blood-pressure-and-the-news-of-him-being-granted-bail-even-though-he-had-not-been-granted-bail

2023 වර්ෂයේ දී නිල සංචාරයකට ගොස් ආපසු එන අතරතුර එංගලන්තයට ගොස් තම බිරිඳගේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වීම සඳහා රාජ්‍ය අරමුදල් භාවිතා කළ බව කියන සිදුවීමකට අදාළව කෙරෙන විමර්ශනය මත අත්අඩංගුවට ගැනුන රනිල් වික්‍රමසිංහ මෙරට ඉතිහාසයේ පළමු වතාවට රක්ෂිත බන්ධනාගාර ගත වූ හිටපු ජනපතිවරයා බවට පත්විය.



දැන් ලැබෙන ආරංචි වලින් කියැවෙන්නේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බන්ධනාගාර රෝහලට ඇතුලත් කර  ඇති බවයි
වෛද්‍ය උපදෙස් මත හිටපු ජනාධිපතිවරයා මෙලෙස බන්ධනාගාර රෝහලට ඇතුලත් කර ඇති බව සඳහන් වේ.
රුධිර පීඩනය ඉහළ යාම සහ සීනි මට්ටම ඉහළ යාම හේතුවෙන් මෙලෙස රනිල් වික්‍රමසිංහ මහතා බන්ධනාගාර රෝහලට ඇතුලත් කර ඇති බව ඇතුළතින් වාර්තා කර ඇත.



'ඇප ලබාදුන් පුවත' පිළිබඳ කතාව

හිටපු විධායක ජනපති රනිල් වික්‍රමසිංහ දින 4 කට රක්ෂිත බන්ධනාගාරගත කිරීම සිකුරාදා (22) පස්වරු 10 ට පමණ ප්‍රසිද්ධියට පත්වූ නමුත් ඊට පෙර පස්වරු 5 ට පමණ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ගණනාවකින් රනිල්ට එරෙහි තීන්දුව 'ඇප මත නිදහස්' කිරීමක් ලෙස ප්‍රකාශයට පත්විය.
මෙම මාධ්‍ය අතර රජයේ ස්වාධීන රූපවාහිනී නාලිකා වෙබ් අඩවියද, හිරු නිවුස් නාලිකාවද අරුණ, මව්බිම හා දිවයින වැනි පුවත්පත්වල අන්තර්ජාල සංස්කරණද වීම සුවිශේෂිය.
අධීකරණයේ වාර්තාකරුවන් මගින් තහවුරු කර පවසන පුවතක් ලෙස මෙම ආරංචිය ප්‍රචාරය වූවද පසුව එය වැරදි එකක් බව සනාථවූයේ විදුලි විසන්ධිවීමකින් කල්ගිය නඩු වාරය 9.45 ට අසන්නට පටන් ගත් පසු රනිල් වික්‍රමසිංහ දින 4 කට රක්ෂිත බන්ධනාගාරගත කරන පුවතත් සමගිනි.
මෙම පුවත අප වෙබ් අඩවිය මගින්ද වැරදි ලෙස ප්‍රසිද්ධ කිරීමට සිදුවූයේ ප්‍රධාන නාලිකා පළ කළ පුවත විශ්වාස කරමින් නැවත පළ කළ නිසාය. නමුත් එය පසුව අප නිවැරදි කළ අතර සිදුවූ අපහසුතාවය ගැන කණගාටුව පළ කරමු.

මින් ඉහත වාර්තා කළ පරිදි ලබන 26 වනදා හිටපු ජනපතිවරයා​ගේ විදේශ සංචාර සම්බන්ධයෙන් අධිකරණයේදී වැදගත් තොරතුරු අනාවරණය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

විදේශ කැම්පස් එකින් ඇරයුම් ලිපිය ඇත්තක්ද?

මේ අතරවාරයේ හිටපු ජනපතිවරයාට නිල සංචාරයක් සදහා බ්‍රිතාන්‍ය විශ්ව විද්‍යාලයෙන් ආරාධනයක් කළ බවට සංසරණය වන ලියවිල්ලක් සම්බන්ධයෙන්ද සමාජ මාධ්‍ය අවධානය යොමු කර තිබේ.මෙමගින් රනිල් බ්‍රිතාන්‍යයට 2023 ගියේ රාජ්‍ය තාන්ත්‍රික කටයුත්තකට මිස පුද්ගලික ගමනකට නොවන බවට ප්‍රකට කිරීමට උත්සාහ දරා තිබේ. කෙසේ වෙතත් අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න කිරීම් හමුවේ හෝ පසුව මහේස්ත්‍රාත් අධිකරණයේදී මෙවැනි ලිපියක් ගැන තොරතුරු රනිල්ගේ පාර්ශ්වය ඉදිරිපත් කර තිබූ බවක් වාර්තා නොවේ.මේ නිසා හුදෙක් අනුකම්පාව හා නොමග යැවීම පිණිස ප්‍රචාරය කෙරුණ ලිපියක් ලෙස මෙය හදුනාගන්නට ඉඩ තිබේ.
රනිල් වික්‍රමසිංහ ජනපති සමයේ සිදුකළ සංචාර 33 කින් 2 ක්ම පුද්ගලික සංචාර වන බවත් ලන්ඩන් සංචාරයට අමතරව සිංගප්පූරු සංචාරයද අවභාවිතාවක් සිදුව ඇති බවත් වාර්තා වන අතර ඉදිරියේදී ඒ පිළිබඳවද මෙම නඩු විභාගයේදී කරුණු හෙලිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.