වත්මන් ආණ්ඩුව දැඩි මූල්‍ය විනයක් යටතේ කටයුතු කරන බැවින් කිසිසේත්ම මුදල් අච්චු ගැසීමක් සිදුකර නොමැති බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.
ආණ්ඩුව විසින් රුපියල් ට්‍රිලියන 1.2ක මුදලක් අච්චු ගසා ඇති බවට පැතිර යන මතය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවත්, එය හිතාමතා හෝ කරුණු නොදැන සිදුකරන, සමාජය නොමඟ යවන ප්‍රකාශයක් බවත් ඔහු පෙන්වා දුන්නේය.
මෙහිදී අමාත්‍යවරයා පැහැදිලි කළේ, මහ බැංකුව මගින් සංචිත මුදල් කළමනාකරණය කිරීමේදී සිදුවන මුදල් ප්‍රසාරණය, ආණ්ඩුව විසින් මහා භාණ්ඩාගාරයට මුදල් ලබාගැනීම සඳහා සිදුකරන මුදල් නෝට්ටු අච්චු ගැසීමක් නොවන බවයි.
පසුගිය ආණ්ඩු අසීමිත ලෙස මුදල් අච්චු ගසා රට තුළ උද්ධමනකාරී තත්ත්වයක් නිර්මාණය කළ බවට චෝදනා කළ ඒ මහතා, වත්මන් රජය එවැනි ක්‍රියාමාර්ග වලට යොමු නොවී විනිවිදභාවයකින් කටයුතු කරන බවද සඳහන් කළේය. සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පනත් කෙටුම්පත ඇතුළු මූල්‍ය පනත් කිහිපයක් පිළිබඳ පැවති විවාදයේදී මන්ත්‍රීවරයෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවසීය.
Comments
Post a Comment
Your comment will be visible after approval