the-compass-government-has-even-confused-modi-gammanpila

2025  අප්‍රේල්  5  දින  ඉන්දියානු  අගමැති  නරේන්ද්‍ර  මෝදි  මහතා  විසින්   විවෘත   කරන   ලද   දඹුල්ලේ   ඌෂ්ණත්ව   පාලිත   කෘෂිකර්ම   ගබඩාවේ   ඉදිකිරීම්      තවමත්   අවසන්ව   නොමැති   බවත්   මාලිමා   ආණ්ඩුව එය විවෘත කරවා ඇත්තේ මෝදි අගමැතිවරයාව ද රැවටීමට ලක්   කර   බවත් 

 පිවිතුරු   හෙළ   උරුමයේ   නායක   නීතිඥ   උදය   ගම්මන්පිල මහතා ඊයේ (15 දා) පැවසීය.එම පරිශ‍්‍රයේ සිට ගම්මන්පිල මහතා මෙසේ ද කීවේය.

‘‘අපට ආරංචි වුණා මෝදි මැතිතුමාව අන්දලා තමයි මේක මාලිවා ආණ්ඩුව විවෘත කළේ කියලා.

ඒ නිසා මා ඇතුළු විපක්ෂයේ කි‍්‍රයාකාරීන් පිරිසක්  මෙහි  ඇත්ත  නැත්ත  හොයන්න  අද  පෙරවරුවේ    දඹුල්ලේ ඌෂ්ණත්ව පාලිත කෘෂිකර්ම ගබඩාවට පැමිණියා. කෘෂිකර්ම ගබඩාවේ වැඩ තවමත් අවසන් කර නැති බව අපට නිරීක්‍ෂණය වුණා.’’

විපක්ෂයේ  විවිධ  පක්‍ෂ  නියෝජනය  කරමින්  හිටපු  පාර්ලිමේන්තු  මන්ත‍්‍රීවරුන්   වන   උදය   ගම්මන්පිල,   නිමල්   පියතිස්ස,   සංජීව   එදිරිමාන්න,  ප්‍රේම්නාත්  දොලවත්ත,  නව  ජනතා  පෙරමුණේ  නායක  සුගීශ්වර   බණ්ඩාර,   දඹුල්ල   හිටපු   නගරාධිපති   ජාලිය    ́පාත,   වරකාපොල  ප‍්‍රාදේශීය  සභාවේ  හිටපු  සභාපති  සරත්  සුමනසූරිය  සහ  පොදුජන  පෙරමුණේ    මාතලේ  සංවිධායක  නිශාන්ත  ඩයස්  යන  මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.



gossiplanka image 2