කළුතර, කටුකුරුන්ද වෙරළ තීරයේ තිබී සැකකටයුතු ලෙස මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබේ. මුහුණ බිම දෙසට හරවා හිස වැල්ලේ සඟවා තිබූ මෙම සිරුර ඝාතනයකට ලක්වූවෙකුගේ බවට පොලිසිය සැක පළ කරයි.
වෙරළේ ශාරීරික අභ්‍යාසවල නිරතවෙමින් සිටි පියෙකු සහ දියණියක විසින් මෙම මළ සිරුර මුලින්ම දැක ඇති අතර, ඔවුන් විසින් සිදුකළ 119 හදිසි ඇමතුම් දැනුම්දීමකට අනුව කළුතර දකුණ පොලිසියේ නිලධාරීන් එම ස්ථානයට පැමිණ ඇත.
මියගොස් ඇති පුද්ගලයා වයස අවුරුදු 55ත් 60ත් අතර වයසේ පසුවන්නෙකු බවට පොලිසිය අනුමාන කරයි. ඔහුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු කරගෙන නොමැති අතර, මළ සිරුර හමුවන අවස්ථාවේ ඔහු කළු පැහැති දිග කලිසමකින් සහ සුදු පැහැති අත් රහිත කමිසයකින් (මේස් බැනියම) සැරසී සිටි බව සඳහන් වේ.
සිද්ධිය සම්බන්ධයෙන් කළුතර දකුණ මූලස්ථාන පොලිසිය විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval