පොලිස් සංස්කෘතික කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතිශ් ගමගේ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ රාජකාරියේ නිරතව සිටියදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුවී ඇත.
පාතාල කල්ලි නායකයින් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් රුපියල් කෝටි දහයකට අධික මුදලක් අල්ලස් වශයෙන් ලබාගෙන ඇති බවට අදාළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට චෝදනා එල්ල වී ඇති බව වාර්තා වේ.
මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ ඔහුට එරෙහිව එල්ල වී ඇති බහුවිධ අල්ලස් සිදුවීම් සම්බන්ධයෙනි.
මේ දක්වා සිදුකර ඇති විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අල්ලස් වශයෙන් ලබාගත් එම මුදල්, සැකකාර නිලධාරියාගේ පෞද්ගලික බැංකු ගිණුම්වලට මෙන්ම ඔහුගේ ඥාතීන්ගේ සහ හිතවතුන්ගේ බැංකු ගිණුම්වලට ද බැර කර ඇති බවයි.
සැකකාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා අද (14) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.