කුලියාපිටිය, පල්ලෙවෙල, විලපොල පාලම අසල දී පාසල් ළමුන් රැගත් වෑන් රථයක් ටිපර් රථයක මුහුණට මුහුණ ගැටී අනතුරට ලක්ව ඇත.
අනතුරෙන් වෑන් රථය පැද වූ රියැදුරු සහ පාසල් ළමුන් දෙදෙනෙකු එම ස්ථානයේ ම ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් ළමුන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතල බව ප්‍රදේශවාසීහු පවසති.තුවාල ලැබූ පිරිස 13 කි.
මෙය කුලියාපිටිය නගරයේ පාසල්වල අධ්‍යාපනය ලබන සිසුන් රැගත් වෑන් රථයකි.
ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි වැලි පටවාගත් ටිපරය වෑන් රථය සමඟ මුහුණට මුහුණ ගැටී අනතුර සිදුව තිබූ අතර වෑන් රථයට දැඩි හානි සිදුවිය.