gossiplanka image 1

තමන් පදිංචි ගම්බිම්වල සිය ආධිපත්‍යය පතුරුවාලීම සඳහා ඇතැම් සංවිධානාත්මක අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ වරින් වර මිනීමරා ගනිති. මාකඳුරේ මධුෂ්, හරක් කටා, කොස්ගොඩ සුජී, රත්ගම විදුර, ලොකුපැටි ඇතුළු නානාවිධ අපරාධකරුවන් දකුණු පළාතේ ඇතැම් ප්‍රදේශවල සිය අණසක පතුරුවාලීමට එකිනෙකා මරාගත් අතර ගම්පහ, මිනුවන්ගොඩ, හීනන, උඩුගම්පළ ප්‍රදේශවල ආධිපත්‍යය පතුරුවාලීමට කෙහෙල්බද්දර පද්මා,

හීනට්යන සංඛ, හීනටියන මහේෂ්, ගණේමුල්ල සංජීව ඇතුළු සංවිධානාත්මක අපරාධකරුවෝ සිය ගෝලබාලයන් මෙහෙයවමින් වෙඩි තැබීම්, මිනීමැරුම් සිදුකරති.


ඒ අතර ග්‍රෑන්ඩ්පාස්, තොටළඟ, පෑලියගොඩ, මට්ටක්කුලිය, මෝදර ආදී ප්‍රදේශවල මත්ද්‍රව්‍ය ජාලය ව්‍යාප්ත කරලීම සදහා කුඩු සෙල්වීගේ පුතුත්, ප්‍රඩු කන්නා, කංජිපානි ඉම්රාන් ඇතුළු තවත් සංවිධානාත්මක අපරාධකරුවන් උත්සාහ කරන අතර මෝදර, වත්තල, රාගම, කඳාන ප්‍රදේශවල බලය සඳහා මෝදර නිපුණ,  වැල්ලේසාරංග, රජමල්වත්තේ චාමර ඇතුළු පිරිසක් එකිනෙකා මරාගනිති. මෙම පාර්ශ්ව අතර ඇතිව තිබෙන ගැටුම්වලින් මේ වන විට මියගිය ගණන අති මහත්ය. ඉකුත් ජුලි මස 19 වැනිදා තවත් මෙවැනිම ඝාතනයක් සිදුවිය. පොලිසිය පැවැසුවේ එය ඇත්තෙන්ම අමානුෂික ලෙස සිදුකර ඇති බවය. වත්තල පොලිස් වසමේ අල්විස් වත්ත ප්‍රදේශයේ දෙමහල් නිවෙසක පදිංචි පුද්ගලයකු තියුණු ආයුධවලින් කපා කොටා මරා දමා තිබිණි. සිද්ධියෙන් ඝාතනය වූයේ රොබට් නමැත්තෙකි. රොබට් සිය බිරිය සහ දරුවා සමඟ පදිංචිව සිටියේ වත්තල අල්ඩ්ස් වත්තේ මෙම දෙමහල් නිවෙසේ උඩ තට්ටුවේය. ඒ කුලීයටය. සාහසිකයන් ඔහු කපා කොටා තිබුණේ තියුණු කඩුවලිනි.


ඝාතකයන් ඉතා අමානුෂික ලෙස රොබර්ට පහර දී ඇති බව ඔහුගේ සිරුරේ ඇති තුවාලවලින් මනාව පැහැදිලි විය. ඔහු ඝාතනය වන්නේ  බිරිය සහ දරුවා ඉදිරියේය.

ඔවුන්ගේ දෑස් ඉදිරිපිටදීම සාහසිකයන් රොබ්රිව ඝාතනය කර තිබුණේය. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අරඹන ලද්දේ වත්තල පොලිසිය විසිනි. ඊට අමතරව කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයද විමර්ශන සඳහා එක්විය. ඒ කැලැණිය කොට්ඨාස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නුවන්  අසංකගේ උපදෙස් මතය. එහි ස්ථානාධිපති සඳනුවන්ගේ මෙහෙය වීම මත උප පොලීස් පරික්ෂක කොඩිකාර ඇතුළු කණ්ඩායමක් ඒ අනුව වත්තල අල්විස් වත්තට ගොස් විමර්ශනවලට දායක වූහ. රොබට් මේ අන්දමට අමානුෂික ලෙස කපා කොටා ඝාතනය කිරීමට හේතුව  අනාවරණය කර ගැනීමට නිලධාහු දැඩි උත්සාහයක් ගත්හ. ඒ අනුව අනාවරණය වන්නේ රාගම ප්‍රදේශයේදී වූ වෙඩි තබා සිදු කළ ඝාතනයකට රොබනමත්තා ආධාර අනුබල දීම මත ඔහු කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන නිලධාරීර්න් විසින්ම මීට පෙර අත්අඩංගුවට ගනු ලැබූ අයකු බවය.


එම වෙඩි තැබීම සිදුවන්නේ 2024 වසරේ පෙබ්රවාරි 21 වැනිදාය. මහබාගේ, රාගම පාරේ ඇල්පිටිවල මස් කඩයකට කඩා වැදුණු තුවක්කුකරුවකු මස් කඩ හිමිකරු ඉලක්කකොට වෙඩි ප්‍රහාරයක් එල්ල කළේය. එහිදී මස්කඩ හිමිකරු මරණයට පත්විය. එලෙස ජීවිතක්ෂයට පත් වූයේ සුනිල් නමැත්තෙකි. ඔහු විදෙස් ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වූ වැල්ලේ සාරූප ග නමැත්තාගේ මස්සිනාය. මේ බව සාරංගටද ආරංචි විය. තම මස්සිනා වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් උරණ වූ සාරංග ඊට පිළිගැනීමට තීරණය කළේය. මස්සිනා මරා දැමුවේ තමාගෙන් පළිගත නොහැකි නිසා වන්නට ඇතැයි ඔහු සිතුවේය. මස්සිනාගේ ඝාතනය මෙහෙය වු කණ්ඩායමද සාරංග දැන සිටියේය. කෙසේ වෙතත් සුනිල් වෙඩි තබාම්රා දැමීම සම්බන්ධයෙන් රාගම පොලිසිය විමර්ශන ආරම්භ කළ අතර, කැලණිය  කොට්ඨාස අපරාධ අංශයද ඊට එක්විය. එම විමර්ශනයේදී කිහිප දෙනෙකු අත්අඩංගුවට පත් වූ අතර ඉන් එක් අයකු වුයේ මරා දැමුණු රොට් නත්තාය. වෙඩි ප්‍රහාරය සිදු කිරීමට කලින් ඒ සඳහා පාර විමසා බැලීමට මෙන්ම වෙඩි ප්‍රහාරයෙන් පසු ගිනි අවිය ප්‍රවාහනය කිරීමේ සැක සහිත චෝදනා ද ඔහුට එල්ල වූ අතර ඒ අනුව අත්අඩංගුවට ගැනුණු ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. මාස තුනකට ආසන්න කාලයක් ආධාර අනුබල දීමේ චෝදනාව මත රිමාන්ඩ් ගතව සිටි ඔහු ඉන් අනතුරුව ඇප මත මුදා හැරිණි. රොබට් කඩුවලින් කපා කොටා ඝාතනය වන්නේ එලෙස ඇප මත සිටියදීය. ඒ අනුව පොලිස් විමර්ශකයන් සැක කළේ රොබට් ඝාතනය විදෙස්ගතව සිටින වැල්ලේ සාරංග විසින් මෙ හෙය වන්නට ඇති බවකි. ඒ ඔහුගේ මස්සිනා මරා දැමීමට පළිය ගැනීමක් ලෙස වන්නට ඇති බව නිලධාහු සැක කළහ. එහෙත් ඒ බව ඒ වන විට තහවුරු වී තිබුණේ නැත. තිබුණේ සැක සංකා පමණි. 


ඉන් අනතුරුව විමර්ශන නිලධාරීන් රොබට් මරා දැමු ඝාතකයන් සොයා විමර්ශන ඇරැඹූ අතර එහිදී රොබට්ගේ සූරිය දුන් සාක්කි විමර්ශනයට වැදගත් විය. ඇය පොලිසියට පවසා තිබුණේ කඩු හතරක් අතැතිව පැමිණි පුද්ගලයන් සිවු දෙනකු තම සැමියා කඩු වලින් කපා කොටා තම් දැස් ඉදිරියේම මරා දැමු බවය. එමෙන්ම ඔවුන් පැමිණියේ ත්‍රිරෝද රියකින් බවත් රථයේ රියැදුරා රථයේ සිටියදීම ඝාතකයන් සිවුදෙනා කඩු අතැතිව උඩුම්හලට නැග රොබට් කපා කොටා ඇති බවත් විමර්ශනයේ දී අනාවරණය විය. ඒ අනුව නිලධාහු ඝාතකයන් 4 දෙනා සහ ත්‍රිරෝද රියැදුරු සොයා විමර්ශන ඇරැඹූහ.මේ අතර කිසියම් පුද්ගලයකු වත්තල පොලිසියට දුරකථන ඇමැතුමක් ලබා දී තිබිණි. ඒ ගිනිගත් ත්‍රිවිලරයක් ප්‍රීතිපුර වෙරළ ආසන්නයේ අතහැර දමා ගොස් ඇති බව කියමින්ය, වත්තල පොලිසියේ නිලධාරීන් වහා ප්‍රීතිපුර ප්‍රදේශයට ගොස් එම රථය සිය භාරයට ගත්තේය.



පරීක්ෂා කිරීමේදී පෙනී ගියේ ඊයේ අසුන්වලට කිසිවකු විසින් ගිනි තබා ඇති බවය.


එහෙත් රථයට එතරම් හානි සිදුවී නැත. තවදුරටත් පරීක්ෂා කිරීමේදී රිය තුළ ලේ පැල්ලම්ද දකින්නට ලැබිණි. ඒ අනුව නිලධාරීන් සැක කළේ රොබට් ඝාතනය කිරීම සඳහා සා ත ක ය න්

පැමිණෙන්නට ඇත්තේ එම ත්‍රිරෝද රියෙන් බවය. ඝාතනය සිදුකිරීමෙන් පසු ඔවුන් ත්‍රිරෝද රථය අතහැර දමා තිබිණි. අදාළ ත්‍රිරෝද රියේ අංකය ඔස්සේ සිදුකළ විමර්ශනයේදී " අනාවරණය වන්නේ එම රථය මාලබේ  ප්‍රදේශයෙන් සොරාගත් එකක් බවය. කෙසේ වෙතත් ත්‍රිරෝද ඊයේ  ඇති සලකුණු තහවුරු කර  ගැනීම සඳහා රථය රස පරික්ෂකවරයාට යොමු කිරීමට නිලධාරීහු ක්‍රියා කළහ. මේ අතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ  නිලධාරීන්ද විමර්ශනයට එක්වෙමින් ත්‍රිරෝද රිය පුලුස්සා දැමූ ස්ථානයට ගොස් ඒ අවට සී.සී.ටී.වී. කැමරා නික්ෂණය කරන්නට විය. ඒ එම රථය එම ස්ථානයට

ගෙනැවිත් තැබූ පුද්ගලයා හඳුනා ගැනීමට සහ රථයේ ගමන් ගත්තේ කවුද යන්න අනාවරණය කර ගැනීම සඳහාය 


එහි දී නිලධාරීන්ට පෙනී ගියේ ත්‍රිරෝද රිය අසලින් කැටි. රියක් ගමන් ගන්නා අයුරුය. ඒ අලුයම් කාලයේය. එම කැබ් රිය ගැන සැක සිතූ. නිලධාරින් එම කැබ් රිය හඹාගොස් එම කැබ් රියේ

හිමිකරුගේ නිවෙස සොයා ගත්තේය. ඒ වත්තල ලන්සියා වත්ත ප්‍රපශයේ නිවෙසකි.

ලන්සියා වත්තේ එම නිවෙස අවට ඇති සී.සී.ටී.වී. කැමරා යළි නිලධාරීන්ගේ සෝදිසියට ලක්විය. එහිදී පෙනී ගියේ රොබට් මරා දමන්නට දින තුනකට පෙර එනම් 16 වැනිදා පුද්ගලයන් දෙදෙනෙකු කොළ පැහැති ත්‍රිරෝද ඊයක් එම නිවෙසට ගෙනැවිත් දමා යන අයුරුය. ඉන් අනතුරුව 19

වැනිදා උදෑසන එම රථය යළි එම නිවෙසින් රැගෙන යන අයුරුද සී.සී.ටී.වී. කැමරාවල සටහන් වී තිබුණේය. නිලධාරීන් නිවෙස් හිමියාගෙන් ප්‍රශ්න කරමින් එලෙස ත්‍රිරෝද රිය රැගෙන නිවෙසට එන්නේ  යන්නේ කවුදැයි විමන්නට වූහ. ඊට හේතුවක් තිබිණි. ඒ ප්‍රීතිපුර ප්‍රදේශයේ අතහැර දමා ගිය

පිළිස්සුණු ත්‍රිරෝද රිය එම නිවෙසට ගෙනැවිත් දමා නැවැත රැගෙන ගිය ත්‍රිරෝද රිය බවට නිලධාරි හඳුනාගත් නිසාය. ප්‍රශ්න කිරීමේදී හෙළිවන්නේ එම රථය 16 වැනිදා ලන්සියා වත්තේ නිවෙසට ගෙනැවිත් දැමුවේ සුද්දා සහ හර්ෂ යන දෙදෙනා බවය. එමෙන්ම 19 වැනිදා ත්‍රිරෝද රිය නිවෙසින්

රැගෙන යන්නේ හර්ෂ සහ ඩිල්ෂාන් බවය. නිළධාරීන් ඉන් අනතුරුව හර්ෂ, ඩිල්ෂාන් සහ සුද්දා

කොටුකර ගැනීම සඳහා විමර්ශන සිදු කළ අතර ඒ වන විටත් ඔවුන් ප්‍රදේශය අතහැර පලාගොස් තිබිණි. එහෙත් උප පොලිස් පරීක්ෂක කොඩිකාර ඇතුළු කණ්ඩායමේ දැඩි උත්සාහය මත ඩිල්ෂාන් සහ සුද්දා අත්අඩංගුවට ගැනීමට විමර්ශන නිලධාරීන්ට හැකි  විය.


පසුව ඔවුන්ගෙන් ක්කළ ප්‍රශ්න කිරීමේදී ඔවුන් පැවැසුවේ මෙවැන්නකි.අපිට සාරංග අයියා කිව්ව නිසා අපි ත්‍රී විලර් එකක් ඉස්සුවා. උස්සලා 16 වැනිදා ගෙනත් දැම්මා ලන්සිය වත්තේ ගෙදරට. 19 වැනිදා සාරංග අයියා කිව්වා. ඒ ත්‍රීවීලර් එක එතැනින් අරන් ගිහින් පාරට දාලා ඒ දාපු

තැන ලොකේෂන් එක එකට දාන්න කියලා. පස්සේ අපි දෙන්නා ඒ ත්‍රීවීලර් එක අරගෙන ගිහින් පොඩි පල්ලිය ළඟ දාලා සාරංග අයියට් ලොකේෂන් එක දැමිමා. දාලා අපි එතැන පල්ලිය ඇතුළට වෙලා හැංගිලා හිටියා. ඒක අරගෙන යන්නේ කවුද කියලා බලන්න. ටික වෙලාවකින් රතුපාට ත්‍රිවිලර් එකකින් තුන් දෙනෙක් ආවා. ඒ තුන්දෙනා තමයි ඒක අරගෙන ගියේ. එතැනින් එහාට අපි මුකුත් දන්නේ නැහැ සර්..." “ ඒ "ඒ ආව තුන් දෙනා දන්නවද? "

"නැහැ සර්. දැක්කෙත් එදාමයි."




අත්අඩංගුවට ගත් අයකු විමර්ශන නිලධාරීන් හමුවේ එසේ කීවේය. ඉන් අනතුරුව එලෙස පැමිණි. තිදෙනා හඳුනා ගැනීම සඳහා නිලධාහු යළි සී.සී.ටී.වී. කැමරා නිරීක්ෂණය කරන්නට වූහ. එහිදී නිලධාරීන්ට ඔවුන් තිදෙනා පැමිණි රතු පැහැති ත්‍රිරෝද රිය හදුනා ගැනීමට හැකි විය. ඒ ඔස්සේ විමර්ශනය කළ නිලධාහු අදාළ රතු පැහැති ත්‍රිරෝද රිය සොයාගෙන එම රථයේ ඊයැදුරාගෙන් ප්‍රශ්න කරන්නට වූහ.


"ඔව්.. සර්... මම තමයි ඒ හයර් එක ගියේ. හයර් එක ගත්තේ වත්තල අවරකොටුව 22 වැනි ලේන් එකෙන්. ඒ තුන්දෙනා එතැනින් නැගලා පොඩි පල්ලිය ළඟින් බැහැලා මට හයර් එකත් දීලා යන්න ගියා. මම ඒ අයව හඳුනන්නේ නැහැ.


ත්‍රීවිලර් රියැදුරා කීවේය. නිලධාරින් ඔහුත් කැටුව අවර කොටුව 22 වැනි පටුමගට ගියේ ඉන් පසුවය. "අර ගෙදරින් තමයි මම ඒ තුන්දෙනා දාගත්තේ."


ඔහුගේ ප්‍රකාශය මත නිලධාහු එම නිවෙස සෝදිසි කරන්නට වූහ. නිවෙස තුළ සිටි පුද්ගලයන් දෙදෙනකු කොටුකර ගැනීමට නිලධාරීන්ට හැකි වූයේ ඒ අවස්ථාවේදීය. එය ප්‍රදීප් නමැත්තකු තාවකාලිකව නතරව සිටි නිවෙසකි. ප්‍රදීප් මට්ටක්කුලියේ පදිංචිකරුවෙකි.



නිලධාරින් ප්‍රදීප්ගේන් මෙම ඔහුගේ සමීපත්මයාගෙන්ද දීර්ඝ ලෙස ප්‍රශ්න කරද්දී රොබට් ඝාතනයේ සුලමුල එකිනෙක හෙළිදරව් විය.


" අපි පොඩි පල්ලිය ළගින් පාරේ දාලා ගිය කොළපාට ත්‍රීවීලර් එකට නැඟලා ආවා. ඒ එද්දී පල්ලියවත්ත පාලම ළඟදී තව දෙන්නෙක් ත්‍රීවිලර් එකට නැග්ගා. එයාලා කඩු 4ක් ගෙනාවා. එක එක අපි බෙදා ගත්තා. ත්‍රීවීලර් එක එළෙවි වේ...


අපි කඩු හතරත් අරගෙන රොබගේ ගෙදරට ගියේ ඊට පස්සේ, එතකොට වෙලාව 4ට විතර ඇති. අපි කඩුවලින් රොබට ගැහැව්වා. ත්‍රීවීලර් එක පල්ලෙහාන්තර කරගෙන හිටියා. අපි රොබට්ව කපලා ආයෙත් ත්‍රීවීලර් එකෙන්ම ආවා. පල්ලිය වත්ත පාලම ළඟින් අර නැගපු දෙන්නා බැස්සා. එකල වෙනත් ටැක්සියකින් රාගම යනවා කිව්වා. අපි තුන්දෙනා ඒත්‍රීවිලර් එකෙන් අවරකොටුව 22 ලේන් එකේ ප්‍රදීප්ගේ ගෙදරට ආවා.”


ඒ යන අතරේ. රොබට් කපන්න. ගෙනාව කඩු 4 අවර කොටුව ඇළ ළඟ හැංගුවා. සැකකරු කියන්නට විය. ඒ අනුව හෙළි වන්නේ පල්ලියවත්ත පාලම ළඟින් බැසගත් දෙදෙනා උක්කා සහ නදීක බවය.

එදින තිදෙනාම ගත කර ඇත්තේ ප්‍රදීප්ගේ නිවෙසේය. ඒ අතරතුර ත්‍රීවීලරය පැදවූ පුද්ගලයාට වැල්ලේ සාරංග ඇමැතුමක් ලබා දී තිබිණ. ඒ ප්‍රහාරයට යොදාගත් ත්‍රිරෝද රිය රැගෙන ගොස් පුලුස්සා දමන ලෙසය. ඒ අනුව ප්‍රදීප්ගේ නිවෙසේ සිටි ත්‍රිරෝද රිය පැදවූ පුද්ගලයාම එදා අලූයම් කාලයේදීම ත්‍රිඵලරය, රැගෙන ප්‍රීතිපුර ප්‍රදේශයට ගොස් එය ගිනිතබා පලාගොස් තිබිණි. ඒ වැල්ලේ සුරංගගේ උපදෙස් මතය.


රොබට් ඝාතනයෙන් පසු අවරකොටුව ඇළ ළඟ කඩු සඟවන මොවුන් තිදෙනා ප්‍රදීප්ගේ නිවෙසට ගොස් ලේ තැවරුණු ඇඳුම් සියල්ල ගලවා පුලූස්සා දමා ඇති බවද විමර්ශනයේදී හෙළි විය. ඒ අනුව හෙළිදරව් වන්නේ රොබට් ඝාතනය සඳහා පුද්ගලයන් 9 දෙනකු සහාය දී ඇති බවය. ඉන් අට දෙනකු මේ වන විට පොලිස් අත්අඩංගුවට පත්ව ඇත. අත්අඩංගුවට ගැනීමට ඉතිර්ව ඇත්තේ කොළ පැහැති ත්‍රීරෝද රිය පදවාගෙන ගිය පුද්ගලයා පමණක් බව විමර්ශන නිලධාහු කීහ. ඔහු එම රථය ප්‍රීතිපුර ප්‍රදේශයට රැගෙන ගොස් ගිනි තැබීමෙන් පසු ප්‍රදේශයෙන් පලාගොස් ඇතැයි එම ඒකකය කීවේය. අත් අඩංගුවට ගත් සියල්ලන්ම වැල්ලේ සාරංග නමැති සංවිධානාත්මක අපරාධකරු විසින් මෙහෙයවා ඇති අතර ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීමේදී ජෝශප් මරා දමා ඇත්තේ මීට වසර එකහමාරකට පෙර රාගම මහබාගෙ ප්‍රදේශයේදී සිය මස්සිනා වූ සුනිල් නමැත්තා වෙඩි තබා මරා දැමීම සඳහා ආධාර අනුබල දී මේ හේතුවෙන් පළිගැනීම සඳහා බව විමර්ශනයේදී තහවුරු වී ඇත.


අත්අඩංගුවට ගත් එක් සැකකරුවකු වයස අවුරුදු 17ක පුද්ගලයකු වන අතර ජංගම දුරකථන ක්‍රීඩා කරන අයකු වන ඔහු මෙම ඝාතනය සඳහා යොදාගෙන ඇත්තේ රුපියල් දහසක මුදලක් ඔහුගේ දුරකථනයට ඊඩ් කරගෙන බවත් තවත් අයකු අරක්කු බෝතලයකින් මීට ආධාර අනුබල දී ඇති බවත්

අත්අඩංගුවට ගත් සුද්දා නමැත්තාට රුපියල් පනස්දාහක් ලැබී ඇති බවත් විමර්ශනයේදී හෙළි වී ඇත. අත් අඩංගු වට සැකකරුවන් සියලුදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. පැනගොස් සිටින අනෙක් සැකකරු සොයා විමර්ශන ක්‍රියාත්මකය.
(කීර්ති මෙන්ඩිස්)

gossiplanka image 1
gossiplanka image 2