
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් පවත්වන විමර්ශනයක් සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර ඇති වරෙන්තුවක් තාවකාලිකව අත්හිටුවීමේ නියෝගයක් ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් ගොනුකර තිබූ මෝසමක් සම්බන්ධයෙන් කිසිදු නියෝගයක් නිකුත් කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (18) කටයුතු කළේ නැත.
මෙම මෝසම අද දින කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග මහත්මිය ඉදිරියේ විවෘත අධිකරණයේදී කැඳවනු ලැබීය.
එහිදී මහෙස්ත්‍රාත්වරිය දැනුම් දුන්නේ, අදාළ ඉල්ලීම, පැමිණිලිකාර පාර්ශ්වය වන අල්ලස් කොමිසම අධිකරණය හමුවේ පෙනී සිටින අවස්ථාවකදී ඉදිරිපත් කළ යුතු බවයි. ඒ අනුව, මෝසම මගින් ඉල්ලා තිබූ අතුරු නියෝගය නිකුත් කිරීමෙන් අධිකරණය වැළකී සිටියේය.
Comments
Post a Comment
Your comment will be visible after approval