ප්‍රසිද්ධ ටයිල් සමාගමක නමින් රුපියල් කෝටි 15කට ආසන්න ව්‍යාජ ණය ගනුදෙනුවක් සිදුකර, එම මුදල වෙනත් ගිණුමකට බැර කිරීමේ චෝදනාව මත පෞද්ගලික බැංකුවක කළමනාකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම මූල්‍ය වංචාව කොල්ලුපිටියේ පිහිටි අදාළ පෞද්ගලික බැංකු ශාඛාවේදී සිදුව ඇති අතර, වංචා කරන ලද මුදල රුපියල් 148,842,839.56ක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශය තහවුරු කර ඇත. අදාළ ටයිල් සමාගම විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පසුගිය 01 වන දින සැකකාර කළමනාකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදී.
පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ, බැංකුවේ නිත්‍ය ගනුදෙනුකරුවෙකු වන මෙම ටයිල් සමාගම විසින් ණය මුදලක් ලබා ගත් බවට ව්‍යාජ ලේඛන සකස් කර මෙම මුදල් වංචාව සිදු කර ඇති බවයි. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ රාජගිරිය ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි පාරිභෝගික සම්බන්ධතා කළමනාකරුවෙකි.
මෙම සිදුවීමත් සමඟ, බැංකුව තුළ මෙවැනි වෙනත් අක්‍රමිකතා සිදුවී ඇත්දැයි බැංකුවේ අභ්‍යන්තර විගණනයක්ද ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු වැඩිදුරටත් සඳහන් කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval