hiru-who-fabricated-stories-that-he-went-to-see-ranil-with-his-wife-maithri

 හිරු මාධ්‍ය ජාලය ඔස්සේ අද (25) දින ප්‍රචාරය වූ "අගමැතිනි හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්" යන හිසින් පළවූ ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිල වශයෙන් ප්‍රකාශ කර සිටී.



අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වෙන්නේ අදාළ ප්‍රවෘත්තිය මුළුමනින්ම සාවද්‍ය තොරතුරු මත පදනම් වූවක් බවයි. මෙවැනි සත්‍යතාවයෙන් තොර ප්‍රවෘත්ති නිර්මාණය කර සමාජගත කිරීම සම්බන්ධයෙන් සිය කණගාටුව පළ කරන බවද අග්‍රාමාත්‍ය කාර්යාලය එම නිවේදනයෙන් පෙන්වා දෙයි.

කිසිදු පදනමක් නොමැති මෙවැනි පුවත් පළ කිරීම මාධ්‍ය සදාචාරයටද පටහැනි බව පෙන්වා දෙන අග්‍රාමාත්‍ය කාර්යාලය, අදාළ ප්‍රවෘත්තිය වහාම නිවැරදි කිරීමට කටයුතු කරන ලෙස හිරු මාධ්‍ය ජාලයෙන් ඉල්ලා සිටින බවද සිය නිවේදනය මගින් වැඩිදුරටත් අවධාරණය කර තිබේ.



gossiplanka image 1


gossiplanka image 2