
මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගය දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2,728කදී ලබන 10 වන ඉරිදා පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එම විභාගයට අදාළව සියලුම උපකාරක පන්ති, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම අනිද්දා (06) මධ්‍යම රාත්‍රී 12.00 සිට සම්පූර්ණයෙන් තහනම් වන බව විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය අවධාරණය කළාය.
මෙම තහනම ක්‍රියාත්මක වන කාලය තුළ ශිෂ්‍යත්ව විභාගය ඉලක්ක කර ගනිමින් උපකාරක පන්ති සංවිධානය කිරීම හෝ පැවැත්වීම, විෂයානුබද්ධ දේශන සහ සම්මන්ත්‍රණ පැවැත්වීම මෙන්ම අනුමාන ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කර බෙදාහැරීම සපුරා තහනම් වේ.
තවද, විභාග ප්‍රශ්න හෝ ඒ හා සමාන ප්‍රශ්න ලබා දෙන බවට හැඟවෙන පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා හෝ වෙනත් ප්‍රචාරක ද්‍රව්‍ය මුද්‍රිත, විද්‍යුත් හෝ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කිරීම සහ එවැනි දෑ ළඟ තබා ගැනීමද නීති විරෝධී බව කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කළාය.
1968 අංක 25 දරන ප්‍රසිද්ධ විභාග පනතේ ප්‍රතිපාදන යටතේ මෙම නියෝග පනවා ඇති අතර, කිසියම් පුද්ගලයෙකු, ආයතනයක් හෝ වෙනත් පාර්ශ්වයක් මෙම නියෝග උල්ලංඝනය කළහොත් ඔවුන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බවද ඇය වැඩිදුරටත් පැවසුවාය.
එවැනි නීති විරෝධී ක්‍රියාවක් පිළිබඳව තොරතුරක් වෙතොත් ළඟම ඇති පොලිස් ස්ථානයට,
පොලිස් මූලස්ථානයට හෝ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවට දැනුම් දෙන මෙන් මහජනතාවගෙන් ඉල්ලීමක් කෙරේ. ඒ සඳහා පොලිස් මූලස්ථානයේ 011-2421111, පොලිස් හදිසි ඇමතුම් අංක 119, විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණික ඇමතුම් අංක 1911 හෝ 011-2784208 සහ 011-2784537 යන දුරකථන අංක ඔස්සේ පැමිණිලි ඉදිරිපත් කළ හැකිය.
Comments
Post a Comment
Your comment will be visible after approval