fuel-prices-down

 ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) විසින් ඉන්ධන වර්ග කිහිපයක මිල අඩු කිරීමට තීරණය කර ඇති අතර, එම නව මිල අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වනු ඇත.





මෙරට භාවිතයට ගන්නා ඉන්ධන මිල සූත්‍රයට අනුව සිදුකළ සමාලෝචනයකින් අනතුරුව මෙම මිල සංශෝධනය සිදුකර තිබේ.

ඒ අනුව, ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක මිල රුපියල් 6.00 කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 299.00 ක් ලෙස දැක්වේ.

ලංකා සුදු ඩීසල් ලීටරයක් ද රුපියල් 6.00 කින් අඩුකර ඇති අතර, එහි නව සිල්ලර මිල වන්නේ රුපියල් 283.00 කි.

ලංකා සුපර් ඩීසල් ලීටරයක මිලෙහි රුපියල් 12.00 ක සැලකිය යුතු අඩු කිරීමක් සිදුකර ඇති අතර, එහි නව මිල රුපියල් 313.00 ක් ලෙස සටහන් වේ.

ලංකා පෙට්‍රල් 95 සහ භූමිතෙල් මිල පෙරපරිදි වන අතර අද වෙනසක් කර නැත.

ඉන්ධන මිල ගණන් අවසන් වරට සංශෝධනය වූයේ පසුගිය ජූලි මාසයේදී වන අතර, මාසිකව මිල සංශෝධනයක් අපේක්ෂා කළද අගෝස්තු මාසයේදී මිලෙහි වෙනසක් සිදු නොවීය.
මාධ්‍ය නිවේදනය පහතින්