
අනුරාධපුර, පෙරිමියන්කුලම ප්‍රදේශයේ නිවසක අත්බෝම්බයක් ඇති බවට ලද හදිසි දුරකථන ඇමතුමක් මත ක්‍රියාත්මක වූ අනුරාධපුර මූලස්ථාන පොලීසිය, එම නිවසේ තිබී පුපුරණ ද්‍රව්‍යයක් සොයාගෙන තිබේ. ජනාධිපතිවරයා අනුරාධපුරයට පැමිණෙන අවස්ථාවලදී නවාතැන් ගන්නා හෝටලයක් ආසන්නයේ මෙම නිවස පිහිටා තිබීම හේතුවෙන් සිද්ධියත් සමග එම ප්‍රදේශයට විශේෂ ආරක්ෂාවක් යොදවා තිබිණි.
ඊයේ (1) උදෑසන පොලීසියට ලැබුණු මෙම තොරතුරත් සමග අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තිළිණ හේවාපතිරණ මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට කඩිනමින් පැමිණ පරීක්ෂණ ආරම්භ කර ඇත. එහිදී, නූල් පන්දුවක ආකාරයට සකසා තිබූ අත්බෝම්බයකට සමාන වස්තුවක් සොයාගෙන ඇති අතර, වැඩිදුර විමර්ශනවලදී එය සතුන් දඩයම් කිරීම සඳහා යොදාගනු ලබන "හක්ක පටස්" වර්ගයේ පුපුරණ ද්‍රව්‍යයක් බවට හඳුනාගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් එම නිවසේ සිටි තරුණයන් තිදෙනෙකු පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් අයගෙන් දෙදෙනෙකු එම නිවසේ පදිංචිකරුවන් නොවන පිටස්තර පුද්ගලයන් බව පොලීසිය පවසයි. ඔවුන් යම් අපරාධ ක්‍රියාවක් සඳහා සූදානම් වූයේද යන්න පිළිබඳව පොලීසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval