doctor-arrested-in-dehiwala-for-influencing-police-officers

 දෙහිවල, මුහුදුබඩ මාර්ගයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් තිදෙනෙකුට සාපරාධී බලහත්කාරය පෑ බවට චෝදනා කරමින් වෛද්‍යවරයකු අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලිසිය වාර්තා කරයි.

සැකකාර වෛද්‍යවරයා දෙහිවල ප්‍රදේශයේම පදිංචි 35 හැවිරිදි පුද්ගලයකු වන අතර, ඔහු කොළඹ ආසන්නයේ ප්‍රධාන පෙළේ පුද්ගලික රෝහලක සේවය කරන බවට තහවුරු වී තිබේ.

මෙම සිදුවීම සිදුව ඇත්තේ, පෙරේදා (17) සවස අපරාධ නිවාරණ කටයුතු සඳහා යොදවා තිබූ ක්ෂණික මාර්ග බාධකයකදීය. පොලිස් සැරයන්වරයකු සහ කොස්තාපල්වරුන් දෙදෙනෙකු විසින්,

සම්පූර්ණයෙන් මුහුණ ආවරණය වන සේ හිස්වැස්මක් පැළඳ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු නවත්වා, හඳුනාගැනීම සඳහා හිස්වැස්ම ඉවත් කරන ලෙස ඉල්ලා ඇත. ඊට විරෝධය පෑ එම පුද්ගලයා පොලිස් නිලධාරීන් සමග බහින්බස් වීමක් ඇති කරගෙන ඇති අතර, පසුව ඔවුන්ට බලහත්කාරය පෑම හේතුවෙන් අත්අඩංගුවට ගෙන තිබේ. වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී ඔහු වෛද්‍යවරයකු බව අනාවරණය වී ඇත.