මාලිගාවත්ත දුම්රිය අංගනයේ නවත්වා තිබූ දුම්රියක වැසිකිළියක් තුළ තිබී අලුත උපන් බිළිඳියකගේ මළ සිරුරක් ඊයේ (01) සොයාගෙන තිබේ.
පුත්තලමේ සිට ගල්කිස්ස දක්වා ධාවනය වූ දුම්රියක්, ගමනාන්තයට ළඟා වීමෙන් පසු මාලිගාවත්ත අංගනයේ
සිද්ධිය සම්බන්ධයෙන් වහාම දෙමටගොඩ පොලීසිය දැනුවත් කිරීමෙන් පසු විමර්ශන ආරම්භ කර ඇත. මූලික නිරීක්ෂණවලට අනුව, මෙය දින තුනක් පමණ වයසැති බිළිඳියකගේ සිරුරක් බවත්, එහි පෙකණිවැලේ කොටසක්ද තිබූ බවත් පොලීසිය පවසයි. මෙම දරු උපත රෝහලකදී සිදුවූවක් නොවන බවට පොලීසිය සැක පළ කරයි.
දරුවාගේ සිරුර දමා තිබූ විනිවිද පෙනෙන බෑගය, තීරුබදු රහිත වෙළෙඳසැලකින් ලබාගත් එකක් බවට හඳුනාගෙන තිබේ. එහි වූ QR කේතයක් පරිලෝකනය කිරීමේදී එය ඩුබායි රාජ්‍යයේ තීරුබදු රහිත වෙළෙඳසැලකට අයත් බෑගයක් බවට තහවුරු වූ බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
අලුත්කඩේ වැඩබලන මහේස්ත්‍රාත්වරයා ඊයේ පස්වරුවේ එම ස්ථානයට පැමිණ ස්ථානීය පරීක්ෂණයක් සිදුකළ අතර, ඉන් අනතුරුව මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රෝහල් මෘත ශරීරාගාරය වෙත යොමුකර ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval