
තම පෙම්වතියගේ නිරුවත් වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය වෙත මුදාහරින බවට තර්ජනය කිරීමේ චෝදනාව මත පී. කුමරන් නමැති තරුණයෙකු ලබන සැප්තැම්බර් මස 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා නියෝග කළේය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් අදාළ තරුණිය විසින් ළමා හා කාන්තා කාර්යාංශය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර, ඒ අනුව ඇය සහ සැකකරු කලක පටන් ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති බව අනාවරණය වී තිබේ. ඔවුන් ලිංගිකව එක්වූ අවස්ථාවකදී, දෙදෙනාගේම කැමැත්ත ඇතිව සැකකරු විසින් එම අවස්ථා වීඩියෝ ගත කර ඇත.
පසුව සැකකරු විසින් එම වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ජාලාවල ප්‍රසිද්ධ කරන බවට 'වට්ස්ඇප්' පණිවිඩ ඔස්සේ තර්ජනය කළ බවට පැමිණිලිකාරිය සිය පැමිණිල්ල මගින් චෝදනා කර සිටී.
ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරු, බෙදාහැරීමේ අරමුණින් අසභ්‍ය වීඩියෝ දර්ශන ළඟ තබාගැනීම සම්බන්ධයෙන් 1983 අංක 22 දරන අසභ්‍ය ප්‍රකාශන පනතේ 2(අ) වගන්තිය යටතේ අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උදයාංග මුණවීර මහතා අධිකරණයට දන්වා සිටියේ අදාළ වීඩියෝ දර්ශන දෙපාර්ශවයේම අන්‍යෝන්‍ය එකඟතාව මත සිදුකර ඇති බැවින් තම සේවාදායකයාට ඇප ලබාදෙන ලෙසය. කෙසේ වෙතත්, ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval