ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරියකු මෙන්ම හිටපු ඇමතිවරයකු වන නිමල් ලන්සා සහ මීගමුව මහ නඟර සභාවේ හිටපු නාගරික මන්ත්‍රීවරයකු ලබන මස 12 දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය අද (29) නියෝග කළේය.
හිටපු රාජ්‍ය ඇමතිවරයෙකුවූ නිමල් ලන්සා මහතා අද (29) උදෑසන අත්අඩංගුවට පත්ව තිබුණි.
පුද්ගලයෙකුට කළ පහරදීමක් සම්බන්ධ සාක්ෂි ලබාදීමට පැමිණි අවස්ථාවේ කොච්චිකඩේ පොලිසිය මගින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
2006 සිදු කළ පහරදීමක් හා අයුතු ඇතුළුවීමක් සම්බන්ධ චෝදනාවකට ඔහු ලක්ව ඇත.
ඔහුව මීගමුව අධිකරණයට අද සවස ඉදිරිපත් කරන ලදි.
Comments
Post a Comment
Your comment will be visible after approval