kobeigane-dmo-dies-in-accident

 කොබෙයිගනේ ප්‍රදේශයේදී පසුගියදා සිදු වූ රිය අනතුරකින් බරපතල තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි කොබෙයිගනේ රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරීවරයා ජීවිතක්ෂයට පත්වී ඇති බව කොබෙයිගනේ පොලිසිය තහවුරු කරයි.



මෙසේ මියගොස් ඇත්තේ, කුලියාපිටිය, පහළ ඇඹව, පලුගස්හංදිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ 58 හැවිරිදි වෛද්‍ය ආර්. එම්. සී. රාමනායක මහතාය.

මෙම අනතුර ඉකුත් 25 වන දින රාත්‍රී 7.50ට පමණ කොබෙයිගනේ පොලිසිය ආසන්නයේදී සිදුව තිබේ. වෛද්‍යවරයා පාර මාරුවීමට උත්සාහ කිරීමේදී වේගයෙන් පැමිණි ත්‍රිරෝද රථයක ගැටී අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.



අනතුරින් හිසට බරපතල තුවාල ලැබූ ඒ මහතාව පළමුව කොබෙයිගනේ රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා තිබේ. එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා මියගොස් ඇති බව වාර්තා වේ. සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රිරෝද රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර කොබෙයිගනේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

gossiplanka image 1