the-mysterious-death-of-the-hatton-estate-superintendent

හැටන් වටවල වැලිඔය වතුයායට අනුයුක්තව සේවය කළ ජ්‍යෙෂ්ඨ සහකාර වතු අධිකාරිවරයෙකු සිය නිල නිවසේ නාන කාමරය තුළදී අභිරහස් ලෙස ජීවිතක්ෂයට පත්ව ඇතැයි වටවල පොලිසිය වාර්තා කරයි.



මෙලෙස මරණයට පත්ව ඇත්තේ එම වතුයායේ සේවයේ නියුතුව සිටි 45 හැවිරිදි වියේ පසුවූ අනවකි රිටෝ අමින් මහතා බවට හඳුනාගෙන තිබේ.

අද (25) දින උදෑසන සේවයට වාර්තා කිරීම සඳහා අවදි නොවීම හේතුවෙන්, නිල නිවසේ සේවය කරන කෝකියා විසින් ඒ පිළිබඳව සොයා බලා තිබේ. එහිදී නිදන කාමරයේ ඔහු නොසිටි බැවින් නාන කාමරය පරීක්ෂා කිරීමේදී, සහකාර වතු අධිකාරිවරයා සිහිසුන්ව වැටී සිටිනු දැක ඇත.



අනතුරුව, කෝකියා විසින් නිල නිවාස භාර මුරකරු සහ වතු අධිකාරිවරයා දැනුවත් කිරීමෙන් අනතුරුව, වටවල පොලිසිය වෙත තොරතුරු ලබා දී තිබේ.

නාන කාමරය තුළ ලිස්සා වැටීමෙන් හිස බිත්තියේ වැදීමෙන් මෙම මරණය සිදුවන්නට ඇති බවට පොලිසිය මූලික විමර්ශනවලදී සැක පහළ කරයි. කෙසේ වෙතත් මරණයට නිශ්චිතව හේතු තවම අනාවරණය නොවේ.

හැටන් මහේස්ත්‍රාත්වරයා විසින් ස්ථානීය පරීක්ෂණයක් පැවැත්වීමෙන් පසු, මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දික්ඔය මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇත. 

gossiplanka image 2


gossiplanka image 3


gossiplanka image 4