ශීතකරණවල බහාලන ලද පානීය ජල බෝතල්, හෝ සන්නාම යටතේ ලියාපදිංචි ජල බෝතල් නියමිත මිලට වඩා වැඩි මුදලකට අලෙවි කිරීම නීති විරෝධී ක්‍රියාවක් බව පාරිභෝගික අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා අවධාරණය කරයි. ඇතැම් ව්‍යාපාරිකයන් සංචාරක මණ්ඩලය වැනි ආයතනවල අනුමැතියක් ඇති බව පවසමින් මෙලෙස මිල ඉහළ දමා අලෙවි කරන බවට පැමිණිලි ලැබී ඇති බවද ඔහු සඳහන් කළේය.
නීතියට අනුව, පානීය ජල බෝතල් අලෙවි කළ යුත්තේ පාරිභෝගික අධිකාරිය විසින් ගැසට් පත්‍රයක් මගින් නියම කර ඇති උපරිම සිල්ලර මිලට පමණි. මෑතකදී මෙම නියමය උල්ලංඝනය කළ ව්‍යාපාරිකයෙකුට අධික දඩ මුදලක් නියම කිරීමට පියවර ගත් බවද සභාතිවරයා පෙන්වා දුන්නේය.
තවද, මෙම වසරේ ජනවාරි සිට ජූලි දක්වා කාලසීමාව තුළ දිවයින පුරා වැටලීම් 12,982ක් සිදු කර ඇති බව පාරිභෝගික අධිකාරිය වැඩිදුරටත් අනාවරණය කළේය.
පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනයට අනුව, විවිධ ප්‍රමාණයන්ගේ බෝතල් කළ පානීය ජලය සඳහා පහත සඳහන් උපරිම සිල්ලර මිල ගණන් නියම කර ඇත:
- මිලිලීටර් 500 සිට මිලිලීටර් 999 දක්වා ප්‍රමාණයේ බෝතලයක් සඳහා - රුපියල් 70/=
- ලීටර් 1 සිට ලීටර් 1.499 දක්වා ප්‍රමාණයේ බෝතලයක් සඳහා - රුපියල් 100/=
- ලීටර් 1.5 සිට ලීටර් 1.999 දක්වා ප්‍රමාණයේ බෝතලයක් සඳහා - රුපියල් 130/=
- ලීටර් 2 සිට ලීටර් 2.499 දක්වා ප්‍රමාණයේ බෝතලයක් සඳහා - රුපියල් 160/=
- ලීටර් 5 සිට ලීටර් 6.999 දක්වා ප්‍රමාණයේ බෝතලයක් සඳහා - රුපියල් 350/=
මෙම ගැසට් නිවේදනය පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපතිවරයාගේ අත්සනින් නිකුත් කර ඇති අතර, 2025 අප්‍රේල් 01 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක වේ.
Comments
Post a Comment
Your comment will be visible after approval