kehelbaddara-padme-angry-over-pas-devas-arrest-threatens-to-kill-the-crime-division-oic

 සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු ලෙස සැලකෙන ගම්පහ පස් දේවා නම් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන සිදුකරන විමර්ශනවලට අදාළව, එම කල්ලියේ නායකයා බව කියන කෙහෙල්බද්දර පද්මේ නැමැත්තෙකු විසින් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකුට මරණීය තර්ජන එල්ල කර තිබේ. මෙම සිදුවීම සම්බන්ධයෙන් අදාළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත නිල පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. 



මෙම තර්ජනයට ලක්ව ඇත්තේ බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ රාජකාරි කරන ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ද සිල්වා මහතාටය. ක

ෙහෙල්බද්දර පද්මේගේ සමීපතමයෙකු වන ගම්පහ පස් දේවා, තායිලන්තය බලා පිටත්ව යෑම සඳහා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණි අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබිණි.

අනතුරුව, වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය වෙත භාරදීමෙන් පසු, එහි අධ්‍යක්ෂ රොහාන් ඕලුගල මහතා විසින් ප්‍රශ්න කිරීමේ වගකීම ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ද සිල්වා මහතා වෙත පවරන ලදී.

සැකකරුගෙන් ලබාගත් තොරතුරු මත පදනම්ව, පොලිස් නිලධාරීන් කණ්ඩායමක් කෙහෙල්බද්දර ප්‍රදේශයේ වසා දමා තිබූ හෝටලයක ඉබි යතුරු කඩා ඇතුළු වී සෝදිසි මෙහෙයුමක් දියත් කර තිබේ. මෙම වැටලීමෙන් පැයකටත් අඩු කාලයක් තුළ, විදේශ රටක සිට ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ද සිල්වා මහතාගේ දුරකතනයට ඇමතුමක් ලැබී ඇති අතර,

එහිදී තමන් කෙහෙල්බද්දර පද්මේ බව හඳුන්වා දුන් පුද්ගලයා මෙම තර්ජනය සිදුකර ඇත.

තමාට අයත් හෝටලයට බලහත්කාරයෙන් ඇතුළු වීම සම්බන්ධයෙන් උරණ වූ එම පුද්ගලයා, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගේ දරුවා පිළිබඳවද විමසමින්, "අපි මරණ සහතිකය අතේ තියාගෙන ඉන්නේ, මැරෙන්න බය නැහැ" යනුවෙන් පවසමින් බිය ගැන්වීමට උත්සාහ කර තිබේ.

එම තර්ජනයට නොබියව පිළිතුරු දුන් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා, "නීතිය ක්‍රියාත්මක කරනවා මිස තර්ජනවලට බිය නොවන බවත්, විදෙස් රටක සිට තර්ජනය කිරීමෙන් පලක් නොවන බවත්, හැකි නම් ලංකාවට පැමිණ මුහුණට මුහුණ කතා කරන ලෙසත්" අභියෝග කර ඇත. වසර 35ක සේවා පළපුරුද්දක් ඇති ලින්ටන් ද සිල්වා මහතා, අපරාධ විමර්ශන ක්ෂේත්‍රයේ දක්ෂයෙකු ලෙස පොලිස් දෙපාර්තමේන්තුව තුළ ගෞරවයට පාත්‍ර වූ නිලධාරියෙකි.