කරදිය සහ මිරිදිය යන ක්ෂේත්‍ර දෙකෙහිම කිමිදුම් කටයුතුවල නිරත වන ධීවර ප්‍රජාව ඉලක්ක කරගත් නව හදිසි අනතුරු රක්ෂණ යෝජනා ක්‍රමයක්, කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් හඳුන්වා දී තිබේ.
මෙම රක්ෂණාවරණය මගින්, ධීවර රැකියාවේ නිරතව සිටියදී අයහපත් කාලගුණය වැනි හේතු නිසා හෝ වෙනත් ඕනෑම හදිසි අනතුරකින් සිදුවන ජීවිත හානි සහ ශාරීරික අකර්මණ්‍යතාවන් ආවරණය කෙරේ. ඊට අමතරව, ධීවර කටයුතුවලින් බැහැරව සිටින අවස්ථාවකදී සිදුවන අහඹු අනතුරක් සඳහා ද වන්දි හිමිවීම මෙහි විශේෂත්වයකි.
රුපියල් 2,000ක වාර්ෂික වාරිකයක් ගෙවීමෙන් මෙම රක්ෂණයට ඇතුළත් විය හැකි අතර, හදිසි අනතුරු මරණයකදී රුපියල් ලක්ෂ 12ක (1,200,000) වන්දියක් හිමි වේ. මීට අමතරව, පූර්ණ හෝ තාවකාලික අකර්මණ්‍යතා, එක් ඇසක් හෝ එක් ගාත්‍රයක් අහිමිවීම සහ කථනය සම්පූර්ණයෙන් අහිමිවීම වැනි අවස්ථාවලදීද කඩිනම් වන්දි ගෙවීමේ ක්‍රමවේදයක් සකසා ඇත.
කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතා ප්‍රකාශ කළේ, මෙම රක්ෂණ යෝජනා ක්‍රමය ධීවර රැකියාවේ නියුතු අයට මහත් පිටිවහලක් වනු ඇති බවයි.
විවිධ කෘෂිකාර්මික ක්ෂේත්‍ර සඳහා රක්ෂණ ක්‍රම රැසක් හඳුන්වා දී ඇති එම මණ්ඩලය, ධීවර ජනතාව වෙනුවෙන් හඳුන්වා දුන් නවතම සහ සුවිශේෂී වැඩසටහන මෙයයි.
Comments
Post a Comment
Your comment will be visible after approval