
මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම් මැඩලීම සඳහා මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ ත්‍රිවිධ හමුදාව එක්ව දියත් කර ඇති ඒකාබද්ධ මෙහෙයුම් මාලාවේ තවත් අදියරක් ඊයේ (15) දිනය පුරා ක්‍රියාත්මක විය.
මෙම විශේෂ සෝදිසි මෙහෙයුම සඳහා පොලීසිය, විශේෂ කාර්ය බලකාය සහ ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් නිලධාරීන් 6,129 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගී වී තිබේ. මෙහෙයුම අතරතුරදී පුද්ගලයින් 27,092 දෙනෙකු පරීක්ෂාවට ලක් කර ඇති අතර, ඊට අමතරව වාහන 10,147ක් සහ යතුරුපැදි 7,587ක් ද පූර්ණ පරීක්ෂාවට ලක් කර ඇත.
මෙම වැටලීම්වල ප්‍රතිඵලයක් ලෙස මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනා මත සැකකරුවන් 863 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊට අමතරව, අපරාධ සඳහා සෘජුවම සම්බන්ධ පුද්ගලයින් 24 දෙනෙකු සහ අධිකරණ මගින් වරෙන්තු නිකුත් කර තිබූ පුද්ගලයින් 400 දෙනෙකු ද මෙහිදී අත්අඩංගුවට පත් වූවන් අතර වෙයි.
මෙහෙයුම් අතරතුරදී නීති විරෝධී ගිනි අවි 05ක් පොලිස් භාරයට ගෙන ඇති අතර, ඒ අතරින් මිනුවන්ගොඩ පොලිස් වසමෙන් සිදුකළ වැටලීම සුවිශේෂී එකක් ලෙස වාර්තා වේ.
එහිදී ටී-56 වර්ගයේ ගිනි අවියක්, ඒ සඳහා යොදන මැගසිනයක්, ටී-56 පතොරම් 14ක්, පිස්තෝලයක්, මිලිමීටර් 2.5 සහ මිලිමීටර් 09 වර්ගයේ පතොරම්, ගිනි අවි ආකෘති දෙකක්, කඩු තුනක් සහ කිනිසි දෙකක් ඇතුළු ආයුධ තොගයක් සොයා ගැනීමට ආරක්ෂක අංශ සමත්ව ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval