
බදුල්ල - මහියංගන ප්‍රධාන මාර්ගයේ, සංචාරක ආකර්ෂණය දිනාගත් දුන්හිඳ දියඇල්ල ආසන්නයේ පිහිටි වංගුවේදී අද (15) උදෑසන සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දස දෙනෙකු තුවාල ලබා තිබේ. තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා බදුල්ල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇති බව බදුල්ල පොලිසිය තහවුරු කරයි.
මෙම අනතුර සිදුව ඇත්තේ හාලිඇල, උඩුවර ප්‍රදේශයේ සිට නුවර බලා වන්දනා ගමනක නිරතවූවන් රැගත් පෞද්ගලික බස් රථයක්, මාර්ගය අසල නවතා තිබූ ලොරි රථයක ගැටීමෙනි.
රෝහල්ගත කළ තුවාලකරුවන් අතරින් කිහිප දෙනෙකුගේ තත්ත්වය තරමක් බරපතළ බව රෝහල් ආරංචි මාර්ග ඔස්සේ වැඩිදුරටත් වාර්තා වේ. සිද්ධිය සම්බන්ධයෙන් බදුල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.
Comments
Post a Comment
Your comment will be visible after approval