will-the-bribery-commission-arrest-a-famous-singer-next

 පසුගිය කාලසීමාව තුළ සිදු වූ බව කියන මහා පරිමාණ දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් ජනප්‍රිය ගායන ශිල්පියෙකු සහ ආරක්ෂක අංශවල වත්මන් හා විශ්‍රාමික ඉහළ නිලධාරීන් කිහිප දෙනෙකු නුදුරේදීම අත්අඩංගුවට ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කඩිනම් විමර්ශන ආරම්භ කර තිබේ.





අදාළ ගායන ශිල්පියා අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇත්තේ, රජයට රුපියල් කෝටි තුනකට ආසන්න මූල්‍ය පාඩුවක් සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක විමර්ශනයකට අනුව බව කොමිෂන් සභා ආරංචි මාර්ග පවසයි. මීට අමතරව, දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගැනීමට නියමිත ආරක්ෂක අංශ නිලධාරීන් අතර පොලිසියේ ඉහළ තනතුරු දරන නිලධාරීන් මෙන්ම විශ්‍රාම ගිය නිලධාරීන්ද සිටින බව එම ආරංචි මාර්ග අනාවරණය කළේය.

අල්ලස් කොමිසමේ ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරියෙකු සඳහන් කළේ, මෙම ගායන ශිල්පියාගේ ආයතනයට සහ අදාළ ආරක්ෂක අංශ ප්‍රධානීන්ට එරෙහිව මීට පෙර පැමිණිලි ලැබී තිබුණද, විවිධ බලපෑම් හේතුවෙන් එම විමර්ශන යටපත් කර තිබූ බවයි.

එම යටපත් කරන ලද විමර්ශන මේ වන විට නැවත ආරම්භ කර ඇති අතර, ඒ සමඟම සාක්ෂිකරුවන් රැසක් ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත්වී කොමිසම වෙත ප්‍රකාශ ලබා දෙමින් සිටින බවද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය. ඒ අනුව, නව විමර්ශනවලදී අනාවරණය වන කරුණු මත සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බව ඔහු අවධාරණය කළේය.