wife-commits-suicide-after-having-with-her-lover-in-front-of-her-husband

 ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ බුලන්ද්ෂහර් දිස්ත්‍රික්කයෙන් අතිශය කම්පාවට පත්කරවන පුවතක් වාර්තා වේ. තම බිරිඳගේ අනියම් සම්බන්ධය සහ එමගින් සිදුවූ දරුණු මානසික පීඩනය දරාගත නොහැකිව ආසිෆ් නම් තරුණයෙකු සියදිවි නසාගෙන ඇත. බිරිඳ, ඇගේ පෙම්වතා සහ බිරිඳගේ සහෝදරයා විසින් සිදුකළ බලපෑම් හේතුවෙන් මෙම මරණය සිදුවූ බවට මියගිය තරුණයාගේ පවුලේ සාමාජිකයෝ පොලිසියට පැමිණිලි කර තිබේ.



මෙම සිදුවීම බුලන්ද්ෂහර් හි කකෝඩ් පොලිස් වසමේ වයර් බාද්ෂාහ්පූර් ගම්මානයෙන් වාර්තා වී ඇත. මියගිය ආසිෆ්ගේ බිරිඳ වන රුබීනා, එම ගම්මානයේම පදිංචි සලීම් නම් තරුණයෙකු සමග දීර්ඝ කාලයක සිට අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති බවට චෝදනා එල්ල වේ. චෝදනාවට අනුව, සලීම් විසින් ලබාදෙන මත් කරල් තම සැමියා වන ආසිෆ්ගේ ආහාරවලට මිශ්‍ර කර ඔහුව මත්කළ පසුව, රුබීනා සහ සලීම් සැමියා ඉදිරිපිටදීම ලිංගිකව හැසිරී ඇත.

සියදිවි නසා ගැනීමට දින දෙකකට පෙර, එනම් ජූලි මස 09 වන දින ආසිෆ් සිය සහෝදරයාට තමා මුහුණ දෙන වේදනාකාරී තත්ත්වය විස්තර කර තිබේ. තම බිරිඳ මත් කරල් දී ඔහුව මත්කොට, ඔහුගේ පෙම්වතා සමග තමා ඉදිරිපිටම ලිංගිකව හැසිරෙන බවත්, ‘අඩුම තරමින් උඹ මේවා බලාගෙනවත් මැරෙයි, එවිට අපේ පාරත් පෑදෙයි’ යනුවෙන් ඇය තමාට පවසමින් මානසිකව වද දෙන බවද ඔහු සඳහන් කර ඇත.

මෙම සිදුවීම් මාලාවෙන් දැඩි ලෙස කම්පනයට සහ අසරණ භාවයට පත්වූ ආසිෆ්, ජූලි 11 වන දින රාත්‍රියේ නිවස තුළ ගෙල වැළලාගෙන සියදිවි නසාගෙන තිබේ. සිදුවීමෙන් පසු මියගිය පුද්ගලයාගේ සහෝදරයා විසින් බිරිඳ රුබීනා,

ඇගේ පෙම්වතා වන සලීම් සහ ඇගේ සහෝදරයා වන ෂාරුක් යන තිදෙනාට එරෙහිව කකෝඩ් පොලිසියට පැමිණිල්ලක් ගොනු කර ඇත. පොලිසිය විසින් මෙම පැමිණිල්ලට අදාළව මූලික තොරතුරු වාර්තාවක් (FIR) සටහන් කරගෙන තිබේ.

නගර පොලිස් අධිකාරී ශංකර් ප්‍රසාද් මහතා සිද්ධිය තහවුරු කරමින් ප්‍රකාශ කර ඇත්තේ, පැමිණිල්ල මත විමර්ශන ආරම්භ කර ඇති බවයි. මියගිය පුද්ගලයාගේ බිරිඳ, ඇගේ පෙම්වතා සහ මස්සිනාට එරෙහිව බරපතළ චෝදනා යටතේ නඩු පවරා ඇති අතර, සැකකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මක බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැත.
(NDTV ඇසුරිනි)