van-plunges-70-feet-into-nanu-oya-eight-youths-hospitalized

 මාතර සිට නුවරඑළිය බලා විනෝද චාරිකාවක් යමින් සිටි තරුණයින් පිරිසක් ගමන් ගත් වෑන් රථයක් නානුඔය ප්‍රදේශයේදී ප්‍රපාතයකට පෙරළී යාමෙන් පුද්ගලයින් අට දෙනෙකු තුවාල ලබා තිබේ. තුවාල ලැබූවන් නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කර ඇත. 



නානුඔය පොලිසිය පවසන්නේ නුවරඑළිය - හැටන් ප්‍රධාන මාර්ගයේ, ඩෙස්ෆෝඩ් වතුයාය ආසන්නයේදී අදාළ වෑන් රථය මාර්ගයෙන් ඉවතට පැන අඩි 70ක් පමණ ගැඹුරු ප්‍රපාතයකට පෙරළී ඇති බවයි. ඊයේ (10) දින අලුයම 5.00ට පමණ මෙම අනතුර සිදුවී ඇති අතර, අනතුරට පත් වූවන් රෝහල් ගත කිරීම සඳහා ප්‍රදේශයේ වතු කම්කරුවන්ගේ සහය ලැබී තිබේ.

අධික වෙහෙස හේතුවෙන් රියදුරුට නින්ද යාම මෙම අනතුරට ආසන්නතම හේතුව වන්නට ඇති බවට මූලික පොලිස් විමර්ශනවලදී සැක පළ කර ඇත. නානුඔය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



gossiplanka image 2