
ගිණුමේ මුදල් නොමැතිව හෝ වසා දැමූ ගිණුම්වලින් චෙක්පත් නිකුත් කිරීම, දඩ මුදලකට සහ වසර දෙකක් නොඉක්මවන සිර දඬුවමකට යටත් කළ හැකි නව නීති සංශෝධනයක් පාර්ලිමේන්තුවට හඳුන්වා දීමට රජය සූදානම් වන බව වාර්තා වේ.
ඉදිරියේදී විනිමය පාලන පනතට එක් කිරීමට නියමිත මෙම සංශෝධනය යටතේ,
අගරු වූ චෙක්පතේ වටිනාකමට සමාන දඩයක් නියම කිරීමට අධිකරණයට බලය පැවරෙනු ඇත. මෙම නීතිමය ක්‍රියාමාර්ගය බැංකු පද්ධතිය ආරක්ෂා කිරීමේ අරමුණින් හඳුන්වා දෙන බව ද ආරංචි මාර්ග සඳහන් කරයි.
නව නීතිය යටතේ නඩු පැවරීම සඳහා, අගරු වූ චෙක්පතම සාක්ෂියක් ලෙස පිළිගැනෙනු ඇත. කෙසේ වෙතත්, නීතිමය පියවර ගැනීමට පෙර, චෙක්පත හිමි තැනැත්තා විසින් එය අගරු වී දින 90ක් ඇතුළත, අදාළ මුදල ගෙවන ලෙස චෙක්පත නිකුත් කළ පාර්ශ්වයට ලිඛිතව දැනුම් දිය යුතුය.
එම දැනුම්දීම ලැබී දින 90ක් ඇතුළත චෙක්පත්කරු එම මුදල ගෙවීමට අපොහොසත් වන්නේ නම්, මාස 6ක් ඇතුළත අගරු වූ චෙක්පත අධිකරණයට ඉදිරිපත් කර දඬුවම් ඉල්ලා සිටීමට චෙක්පත හිමි පාර්ශ්වයට හැකියාව ලැබෙනු ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval