දකුණු අප්‍රිකාවේ සුප්‍රසිද්ධ ගොන්ඩ්වානා පෞද්ගලික වනෝද්‍යානයේ හිමිකරු සහ ප්‍රධාන විධායක නිලධාරී, කෝටිපතියෙකු වූ ෆ්රන්සුවා ක්‍රිස්ටියාන් කොන්රාඩි, ප්‍රහාරක ඇතෙකු විසින් පෑගීමෙන් මරණයට පත්විය. මෙම කනගාටුදායක සිදුවීම ජූලි මස 22 වන අඟහරුවාදා උදෑසන 8ට පමණ සිදුව ඇත්තේ, වනෝද්‍යානයේ සංචාරක
නවාතැන් ආසන්නයේ ගැවසෙමින් සිටි අලි රංචුවක් ඉන් ඉවතට යොමු කිරීමට කොන්රාඩි මහතා උත්සහ දැරූ අවස්ථාවේදීය. එහිදී, ටොන් හයක පමණ බරැති ඇතෙකු ඔහුට දළ වලින් ඇන බහුවිධ ලෙස පාගා දමා තිබේ. ආසන්නයේ සිටි වනෝද්‍යාන පාලකයන් වහා දිව ආවද, ඔවුන්ගේ උත්සාහයන් නොතකා ඔහුගේ ජීවිතය බේරාගැනීමට නොහැකි විය.Caylix සමූහ ක්‍රීඩා කළමනාකරණ සමාගමේද හිමිකරු වූ කොන්රාඩි මහතා, වන සතුන්ට සහ සොබාදහමට දැඩි සේ ආදරය කළ පුද්ගලයෙකු බව ඔහුගේ කාර්ය මණ්ඩලය සඳහන් කරයි.
සත්ව විද්‍යාව, වාණිජ විද්‍යාව සහ අලෙවිකරණය පිළිබඳ ගෞරව උපාධි හිමි ඔහු, නිරතුරුවම වන සතුන්, විශේෂයෙන් අලින්ගේ ඡායාරූප ගැනීමට උනන්දුවක් දැක්වූවෙකි. ඔහු "අභිලාෂකාමී ව්‍යාපාරිකයෙකු මෙන්ම දැඩි පරිසර ලෝලියෙකු" ලෙස ප්රකටව සිටියේය.
ගොන්ඩ්වානා වනෝද්‍යානයේ සේවකයෙකු පැවසුවේ, "ඔහු අලින්ට බෙහෙවින් ආදරය කළ අතර, අලින්ද තමා කෙරෙහි විශ්වාසයක් තබා ඇතැයි ඔහු නිතරම සිතුවා. නමුත්, රක්ෂිතයක ජීවත් වුවද මේ සතුන් වනාන්තරයේ සතුන් බව අප අමතක නොකළ යුතුයි," යනුවෙනි. කොන්රාඩි මහතාගේ වියෝව පිළිබඳව ශෝකය පළ කරමින් ගොන්ඩ්වානා වනෝද්‍යානය නිවේදනයක් නිකුත් කරමින්, ඔහු ආදරණීය නායකයෙකු, කැපවූ ස්වාමිපුරුෂයෙකු සහ දරුවන් තිදෙනෙකුගේ පියෙකු ලෙස හඳුන්වා දී තිබිණි. එමෙන්ම, මෙම සිදුවීම පිළිබඳ පරීක්ෂණ අවසන් වන තුරු අනවශ්‍ය සමපේක්ෂණයන්ගෙන් වළකින ලෙසද මහජනතාවගෙන් ඉල්ලා තිබේ.
මොසෙල් බොක්ක ආසන්නයේ පිහිටි ගොන්ඩ්වානා පෞද්ගලික වනෝද්‍යානය, කීර්තිමත් පුද්ගලයන් සහ සංචාරකයන් අතර ඉහළ ජනප්‍රියත්වයක් දිනාගත් සුඛෝපභෝගී පස් තරුවේ නවාතැනකි.
සිදුවීම වන අවස්ථාවේදීද, එක් රැයක් සඳහා පවුම් 900ක් වැනි ඉහළ අගයකට, වනෝද්‍යානය සම්පූර්ණයෙන්ම වෙන්කර තිබී ඇත.
වසරකටත් අඩු කාලයක් තුළ මෙම වනෝද්‍යානයේ සිදු වූ දෙවන මාරාන්තික අලි ප්‍රහාරය මෙය වීම විශේෂත්වයකි. 2023 වසරේ මාර්තු මාසයේදී, 36 හැවිරිදි සේවකයෙකු වූ ඩේවිඩ් කන්ඩෙලා ද මෙවැනිම අලි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් විය.
කොන්රාඩි මහතාගේ මරණය, වනෝද්‍යාන තුළ පවතින ආරක්ෂක විධිවිධාන පිළිබඳව පුළුල් කතිකාවතක් ඇති කර තිබේ. කොන්රාඩි වැනි පළපුරුදු වෘත්තිකයන් පවා වන සතුන් සමග කටයුතු කිරීමේදී ඇති අවදානම මෙමගින් මනාව අවධාරණය කෙරේ. විශේෂඥයන් පෙන්වා දෙන්නේ, සාමාන්‍යයෙන් සන්සුන් ස්වභාවයක් පෙන්නුම් කළද, වන අලින් ඕනෑම මොහොතක ප්‍රචණ්ඩකාරී විය හැකි බවයි.
Comments
Post a Comment
Your comment will be visible after approval