the-police-have-also-sided-with-the-caesars-who-stole-the-van-disguised-as-police-officers

 ලිසිං වාරික නිසි ලෙස නොගෙවූ වාහන අත්පත් කර ගත යුතු නිසි ක්‍රමවේදයෙන් බැහැර යමින් පොලිස් නිලධාර්න් ලෙස වංචනිකව පෙනී සිටිමින් කුමන්ත්‍රණකාර් ලෙස තමාට අයත් වෑන් රථයක් නීති විරෝධීව අත්පත් කර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් කවරක්කුලම පොලිසිය පක්ෂග්‍රාහීව විමර්ශන කිරීම නිසා රුපියල් ලක්ෂ 110ක් පමණ

වටිනා සිය වෑන් රථය. වසර දෙකක් තිස්සේ අනුරාධපුර මහෙස්තරාත් අධිකරණ භූමියේ දිරාපත් වෙමින් තිබෙන බව පවසමින් ප්‍රමුඛ පෙළේ දෙස් - විදෙස් සංචාරකයන් ප්‍රවාහනය කරන එස් එස් කැබ්ස් ඇන්ඞ් ටුවරිස් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ජාතික පොලිස් කොමිසමට පැමිණිලිකොට තිබේ.




අදාළ පැමිණිල්ල මඟින් කළමනාකර අධ්‍යක්ෂවරයා ජාතික පොලිස් කොමිසමට පවසා ඇත්තේ ලීසිං වාරික නිසි ලෙස නොගෙවූ වාහන අත්පත් කර ගත යුතු නිසි ක්‍රමවේදයට මුළුමනින්ම බැහැරව යමින් එක්තරා බැංකුවක් යෙදවූ සීසර්වරුන් සිය වෑන් රථය බලහත්කාරයෙන් නීතිවිරෝධීව අත්පත් කර ගත් බවයි. වෑන් රථය අත්පත් කරගෙන ඇත්තේ නිත්‍යනුකූලව බව මෙම සිද්ධිය සම්බන්ධයෙන් මූලික විමර්ශන කළ මිහින්තලේ සහ කවරක්කුලම පොලිසිය සිය විමර්ශනවලදී සඳහන් කර ඇති බවයි. 


එහෙත් මෙම සිද්ධිය සම්බන්ධයෙන්ම අනුරාධපුර කොට්ඨාස මෙම සිද්ධිය සම්බන්ධයෙන්ම අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පැවැත්වූ විමර්ශනයේදී තහවුරු කර ඇත්තේ තම ආයතනය භාරයේ තිබූ පරශ්නගත වෑන් රථය අදාළ බැංකුවේ සීසර්වරුන් බලහත්කාරයෙන් ලබාගෙන ඇත්තේ පොලිස් නිලධාර්න් ලෙස වංචනිකව පෙනී සිටිමින් නිලධාරීන් ලෙස වංචනිකව පෙනී සිටිමින් කුමන්තරණකාර්ව බවට විමර්ශනවලදී අනාවරණ වී ඇති බව යැයිද අදාළ පැමිණිල්ල මඟින් කියා තිබේ.


මෙම සිද්ධිය සම්බන්ධයෙන්ම අනුරාධපුර පොලිස් විශේෂ විමර්ශන ඒකකය කළ

විමර්ශනයෙන් අනතුරුව වාර්තාවක් නිකුත් කරමින් අනුරාධපුර සහකාර පොලිස් අධිකාරි (1) සඳහන් කර ඇත්තේ වෑන් රථයේ රියැදුරු විසින් සිය කැමැත්තෙන්ම වෑන් රථයේ යතුර සීසර්වරුන්ට ලබාදී ඇති බව යැයිද ප්‍රකාශ කොට ඇති සුනන්ද ධර්මසිරි තම වෑන් රථය අනීතිකව අත්පත් කර ගැනීමේ එකම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කණ්ඩායම් කිහිපයක් පරස්පර වාර්තා නිකුත් කර ඇති බවද පොලිස් කොමිසම අවධානයට ලක් කොට තිබේ.


මේ සම්බන්ධයෙන් මීට දෙවසරකට පෙර ද තම්මා ජාතික පොලිස් කොමිසමට මෙවැනිම පැමිණිල්ලක් කළ බවත් එහෙත් මේ දක්වා කිසිදු සහනයක් තමාට අත් නොවූ බවත් පවසා ඇති හෙතෙම මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් හෝ කඩිනමින් විමර්ශනයක් සිදු කර තමාට යුක්තිය ඉටු කර දෙන ලෙසත් ඉල්ලා සිටියි.

උපාලි ආනන්ද