the-mayors-official-residence-will-be-dedicated-to-artistic-activities

 කොළඹ නගරාධිපතිවරියගේ නිල නිවස වන 'සිරිනිවාස'ය, පුළුල් මහජන යහපත උදෙසා යොදා ගැනීමට තීරණය කළ බව කොළඹ නගරාධිපතිනී  ව්‍රායි කාලි බල්තසාර් මහත්මිය මේ සතියේදී නිවේදනය කළාය. 



ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටි මෙම ඉතිහාසගත ගොඩනැගිල්ල, සති දෙකකට ආසන්න කාලයක් ඉන්දීය චිත්‍රපටයක රූගත කිරීම් සඳහා මෑතකදී භාවිත කර තිබිණි.

චිත්‍රපට රූගත කිරීම් අවසන් වීමෙන් අනතුරුව එම පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් නගරාධිපතිනිය මෙසේ පැවසුවාය. "මෙම නිවස්නය නඩත්තු කර ඇත්තේ සැලකිය යුතු මහජන මුදලක් වැය කරමින්. මා පොරොන්දු වූ පරිදි, එය මින් ඉදිරියට කොළඹ දරුවන් වෙනුවෙන්, කලා කටයුතු සඳහා, පොදු උත්සව සඳහා මෙන්ම නගර පරිපාලන කටයුතු සඳහා ද යොදා ගැනෙනු ඇත."



gossiplanka image 2