ප්‍රකට නිළි තරින්දි ප්‍රනාන්දු 4 වනදා මීගමුවේ හෝටලයක පැවති උත්සවයකදී අැගේ පෙම්වතා චතුර රාජපක්ෂ සමග යුග දිවියට පිවිසියාය.
පසුගිය රයිගම් ටෙලීස් සම්මාන උළෙලේ හොඳම නිළියට සම්මාන ලද තරින්දි ටෙලි නාට්‍ය මෙන්ම සිනමාව තුළද කැපී පෙනෙන භූමිකාවන් රඟදක්වන නිළියකි.
ඇය අතගත් මනාලයා චතුර රාජපක්ෂද ටෙලි නාට්‍ය කිහිපයකට රංගනයෙන් දායකව සිටින නළුවෙකි. ඔහු මහේන්ද්‍ර පෙරේරා රංගන ඇකඩමියෙන් රංගනය හදාරා ඇති අතර ක්ෂෙත්‍රයේ වසර දහයක් පමණ රැදී සිටියි. රැල්ල වෙරළට ආදරෙයි, මැස්සා, ප්ලීස් ෂෙයාර් දිස් ආදී නාට්‍ය වලට ඔහු එක්ව තිබුණි.
ඔවුනගේ විවාහ උත්සවයේ ඡායාරූප එකතුවක් මේ සමග පළවේ.