shooting-in-borella

 බොරැල්ල, සර්පන්ටයින් පාරේ වෙළෙඳසැලක් අසල රැඳී සිටි පුද්ගලයෙකු ඉලක්ක කර ගනිමින් ඊයේ (08) රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලීසිය පවසයි. යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර තිබේ.





වෙඩි තැබීමෙන් අනතුරුව සැකකරුවන් එම ස්ථානයෙන් පළා ගොස් ඇති අතර, සිද්ධියෙන් කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැති බව පොලීසිය තහවුරු කරයි. මෙම ප්‍රහාරය සඳහා රිවෝල්වර වර්ගයේ ගිනි අවියක් උපයෝගී කරගෙන ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

සංවිධානාත්මක අපරාධ කල්ලි අතර පවතින ආරවුලක ප්‍රතිඵලයක් ලෙස මෙම වෙඩි තැබීම සිදුවන්නට ඇති බවට පොලීසිය සැක පළ කරයි. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා බොරැල්ල පොලීසිය විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.