several-students-killed-in-school-roof-collapse-in-india

  ඉන්දියාවේ, රාජස්ථාන් ප්‍රාන්තයේ, ජාලාවාර් දිස්ත්‍රික්කයේ රජයේ පාසලක වහලයක් සහ බිත්තියක් අද (25) උදෑසන කඩා වැටීමෙන් සිසුන් රැසක් මියගොස්, විශාල පිරිසක් තුවාල ලබා ඇත. තවම තහවුරු කර ඇති මරණ ගණන 4 ක් වූවද ඉදිරියේදී සංඛ්‍යාව ඉහළ යනු ඇතැයිද තවත් සිසුන් 60කට අධික සංඛ්‍යාවක් සුන්බුන් අතර සිරවී ඇතැයි විශ්වාස කෙරෙන අතර, මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇතැයි බලධාරීහු බිය පළ කරති.



මෙම ඛේදවාචකය සිදුව ඇත්තේ මනෝහර්තානා ප්‍රදේශයේ පිප්ලෝඩි ගම්මානයේ පිහිටි රජයේ ඉහළ ප්‍රාථමික විද්‍යාලයේය.

සිද්ධිය වන අවස්ථාවේ පාසලේ සිසුන් රැසක් සිට ඇති අතර, හදිසියේම ගොඩනැගිල්ලේ වහලය කඩා වැටී, පසුව බිත්තියක්ද බිමට සමතලා වී තිබේ.

ප්‍රදේශයේ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන ඇති අතර, දිස්ත්‍රික් පරිපාලනය, පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව යුධ හමුදා සහාය ඇතිව මුදා ගැනීමේ මෙහෙයුම් දියත් කර ඇත. සුන්බුන් ඉවත් කිරීම සඳහා JCB යන්ත්‍ර යොදාගෙන ඇති අතර, තුවාල ලැබූ දරුවන් මනෝහර්තානා ප්‍රජා සෞඛ්‍ය මධ්‍යස්ථානය වෙත යොමු කරමින් පවතී.

පාසල් ගොඩනැගිල්ල අබලන් තත්ත්වයේ පැවතීම සහ මෑත දිනවල පැවති අධික වර්ෂාව හේතුවෙන් බිත්ති දුර්වල වීම මෙම අනතුරට මූලික හේතුව වන්නට ඇතැයි මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

රාජස්ථාන් ප්‍රාන්තයේ හිටපු මහ ඇමති අශෝක් ගෙහ්ලොට් 'X' සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් මෙම සිදුවීම පිළිබඳව සිය කණගාටුව ප්‍රකාශ කර ඇති අතර, විපතට පත්වූවන්ට සහනය සලසා ඔවුන්ගේ දිවි ගලවා ගැනීමට හැකි උපරිමයෙන් කටයුතු කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා තිබේ.

gossiplanka image 1


gossiplanka image 3


gossiplanka image 4