කිරින්ද ධීවර වරාය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ අද (02) දින පෙනී සිටින ලෙස දැනුම් දී තිබූ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා, හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඊට සහභාගී වී නොමැත.
රාජිත
සේනාරත්න මහතාට එල්ල වී ඇති චෝදනාව වන්නේ, කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ
ව්‍යාපෘතියක් නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් බැහැරව, අත්තනෝමතික ලෙස
කොරියානු සමාගමකට ලබා දීම තුළින් රජයට මූල්‍යමය පාඩුවක් සිදුකළ බවයි.
මෙම
චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අල්ලස් කොමිසම ඔහුව
කැඳවා තිබිණි.
අල්ලස්
කොමිසමේ විශේෂ විමර්ශන ඒකකයක් විසින් රාජිත සේනාරත්න මහතා වෙත ලිඛිතව
දැනුම් දී තිබුණේ අද දින උදෑසන 9.00ට කොමිසම හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබා
දෙන ලෙසයි. කෙසේ වෙතත්, නියමිත වේලාවට කොමිසම වෙත පැමිණි ඒ මහතාගේ
නීතිඥවරයෙකු විසින්, සිය සේවාදායකයා අසනීප තත්ත්වයෙන් පසුවන බැවින්
විමර්ශනයට සහභාගී වීමේ අපහසුතාව දන්වමින් ලිපියක් භාර දී ඇති බව
අල්ලස්
කොමිසමේ අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු කරයි.
මෙම සිදුවීමට අදාළව රාජිත සේනාරත්න මහතා සැකකරුවෙකු ලෙස නම් කර ඇති අතර, ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවට අල්ලස් කොමිසම පසුගිය 27 වන දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබීමද මෙහිදී විශේෂත්වයකි.
Comments
Post a Comment
Your comment will be visible after approval