
මේ දිනවල ඉන්දියාව හා පකිස්තාන සමාජ මාධ්‍ය තුළ බහුලව පැතිරෙන වීඩියෝවක පාකිස්තාන තරුණියක ප්‍රසිද්ධ දෙබස් කන්ඩයකට තොල් සොලවන (lip-syncing) ආකාරයක් පෙන්නුම් කරයි. ඇගේවීඩියෝවට බොහෝ අය වශී වී ඇති අතර, එම වීඩියෝව නැවත නැවතත් නරඹමින් පවතී.
අලීනා ආමිර් නම් පාකිස්තාන තරුණියක් රූපවාහිනී වැඩසටහනකදී සිදුකළ මෙම අංගය කතාබහක් නිර්මාණය කර ඇති අතර, ඇගේ වීඩියෝව අන්තර්ජාලය පුරා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතී.
එම වීඩියෝවෙන් ඇය, බොලිවුඩ් නිළි පරිනීති චොප්රාගේ 'සර්දාර් කා ග්‍රෑන්ඩ්සන්' චිත්‍රපටයේ එන "'මේරි බොඩි මේ සෙන්සේෂන්ස් හෝතේ හේ, පිල්ස් උන්හේ කන්ට්‍රෝල් කරතේ හේ...'" (මගේ ශරීරයේ සංවේදනයන් ඇතිවෙනවා, පෙති මගින් ඒවා පාලනය කරනවා) යන ජනප්‍රිය දෙබසට විශිෂ්ට ලෙස දෙතොල් සසඳා රඟ දක්වයි.
ඇය මෙම දෙබස ඉදිරිපත් කරන රංගන විලාසයට බොහෝ දෙනෙක් වශී වී ඇත. අලීනා ආමිර් පාකිස්තාන ටික්ටොක් වේදිකාවල ද සක්‍රීයව සිටින්නියකි.. කෙසේ වෙතත්, මෙම වීඩියෝව ඇගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් බවට පත්ව තිබේ. ඉන්ස්ටග්‍රෑම්, ටික්ටොක් සහ යූටියුබ් වැනි වේදිකාවල ඇයව අනුගමනය කරන්නන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී. ඉන්ස්ටග්‍රෑම් රීල් (Instagram Reel) හි මෙම වීඩියෝව මේ වන විට කෝටි ගණනක නැරඹුම් වාර සංඛ්‍යාවක් ලබාගෙන ඇත. video below
Comments
Post a Comment
Your comment will be visible after approval