නැසීගිය ප්‍රවීණ මාධ්‍යවේදී හා ගීත රචක ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගේ භාර්යාවවන නිර්මලා ද අල්විස් මහත්මිය 70 වන වියෙහිදී අභාවප්‍රාප්තවී තිබෙයි.
නිර්මලා ද අල්විස් මහත්මියගේ අභාවය පිළිබඳව, ඇගේ පුත් පූර්ණ සම්පත් ප්‍රේමකීර්තී ද අල්විස් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ දැනුම් දී තිබු අතර මවගේ දේහය, අද (23) පෙරවරුවේ සිට හෙට (24) සවස 5.00 දක්වා පේරාදෙණිය ෆොන්සේකා මල්ශාලාවේ තැන්පත් කෙරෙන බව දන්වා ඇත.
ඇය ප්‍රේමකීර්ති නමින් ග්‍රන්ථයක් මෙන්ම ඇගේ ගීත ගණනාවක් රචනා කර ඇති ශිල්පිණියකි.
ඇය ගැන වැඩිපුරම කථාබහට ලක්වූයේ ප්‍රේමකීර්ති ඝාතනය සම්බන්ධය ඇය ඉල්ලා සිටි සාධාරණ පරීක්ෂණය නිසාය.
1989 භීෂණ සමයේ ඝාතනයට ලක්වූ ප්‍රේමකීර්ති ද අල්විස් එසේ ඝාතනය කළේ ඔහුට ගුවන්විදුලියේ අභ්‍යන්තරයේ පැවති තනතුරු ගැටලුවක් මත පුද්ගලික පලිගැනීමක් ලෙස බවට ඇය තර්ක කළ අතර ඒ වෙනුවෙන් හඩ්සන් සමරසිංහ හිටපු සභාපතිවරයා සමග නීතිමය ගැටලු වලටද ඇය මුහුණ දුන්නාය.
Comments
Post a Comment
Your comment will be visible after approval