හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ පෞද්ගලික ලේකම් ශාන් යහම්පත් මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
විදේශ රැකියා ලබා දෙන බව පවසමින් අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මනූෂ නානායක්කාර මහතාගේ සහෝදරක් වන තිසර නානායක්කාර පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අතර තිසර නානායක්කාරගේ බැංකු ගිණුමේ රුපියල් කෝටි 27 ක මුදලක් පැවති බවද වාර්තා වී තිබුණි.
තිසර නානායක්කාර හිටපු අමාත්‍යවරයා අමාත්‍ය ධූරය දරන සමයේ දී ඔහුගේ කාර්ය මණ්ඩලයටද සම්බන්ධ වී කටයුතු කර ඇත.
මෙම තත්ත්වය මත මනුෂ නානායක්කාර හිටපු අමාත්‍යවරයාගේ ලේකම්වරයාට ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසමට කැඳවීම් කර තිබීමෙන් පසු අත්අඩංගුවට පත් විය.
Comments
Post a Comment
Your comment will be visible after approval