කුරුණෑගල - කොළඹ ප්‍රධාන මාර්ගයට ආසන්න වදුරාගල ප්‍රදේශයේ පිහිටි, සම්පත් ස්ටිකර්ස් නම් ස්ටිකර් නිෂ්පාදනය කරන ආයතනයක් සහ වාහන උපාංග සවිකරන ව්‍යාපාරික ස්ථානයක් අද (03) දහවල් ඇතිවූ හදිසි ගින්නකින් සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව තිබේ.
ගින්න හටගත් අවස්ථාවේදී ඒ පිළිබඳව වහාම කුරුණෑගල මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය දැනුවත් කිරීමට ප්‍රදේශවාසීන් කටයුතු කර ඇත. අනතුරුව එම ස්ථානයට පැමිණි ගිනි නිවීම් රථ සහ නිලධාරීන්ගේ කඩිනම් මැදිහත්වීම මත ගින්න පැතිරයාම වළක්වා එය මැඩපැවැත්වීමට හැකිවී තිබේ.
මෙම ගින්න ඉතා හදිසියේ හටගත් බවට වාර්තා වන අතර, එයට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණය කරගෙන නොමැත.
ගින්න හේතුවෙන් අදාළ ව්‍යාපාරික ස්ථානයෙහි ගොඩනැගිල්ල සහ එහි තිබූ දේපළවලට දැඩි අලාභහානි සිදුවී ඇති බවට තොරතුරු වාර්තා වේ.
Comments
Post a Comment
Your comment will be visible after approval