
පිළියන්දල ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ ජාතික පාසලක 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන පහළොස් හැවිරිදි සිසුවෙකු, අමතර පන්තියක් සඳහා පාපැදියෙන් ගමන් කරමින් සිටියදී සුදු පැහැති වෑන් රථයකින් පැමිණි පිරිසක් විසින්
පැහැරගෙන ගොස් ඇත. කහතුඩුව, සරණතිස්ස මාවතේ සුසාන භූමිය ආසන්නයේදී ඊයේ (16) සවස 4.00ට පමණ මෙම සිදුවීම සිදුවී ඇති බවට එම සිසුවා පොලිසියට ලබාදුන් ප්‍රකාශයේ සඳහන් වේ.පැහැරගත් සිසුවා ඔහුගේ පාපැදිය සමග වෑන් රථයට නංවාගෙන රැගෙන යමින් සිටියදී, රත්නපුර ප්‍රදේශයට ළඟා වූ අවස්ථාවේදී ඔහු ඉතා සූක්ෂම ලෙස වෑන් රථයෙන් බිමට පැන සිය ජීවිතය බේරාගෙන ඇති බව කහතුඩුව පොලිසිය අනාවරණය කරයි.
මෙම සිදුවීමට සම්බන්ධ සැකකරුවන් සහ ඔවුන් පැමිණි සුදු පැහැති වෑන් රථය අත්අඩංගුවට ගැනීම සඳහා කහතුඩුව පොලිසිය විසින් විශේෂ විමර්ශනයක් දියත් කර ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් තහවුරු කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval