chamuditha-youtube-court

 හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් ගොනුකර තිබූ අධිකරණයට අපහාස කිරීමේ පෙත්සමකට අදාළව, මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා අද (04) ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සහ විජයදාස රාජපක්ෂ මහතාගෙන් කොන්දේසි විරහිතව සමාව අයැද සිටියේය. මෙම සමාව අයැදීම ඔහුගේ නීතිඥවරයා මඟින් විවෘත අධිකරණයේදී සිදුකෙරිණි.





විජයදාස රාජපක්ෂ මහතා විසින් මෙම පෙත්සම ගොනුකර තිබුණේ, චමුදිත සමරවික්‍රම මහතා විසින් පවත්වාගෙන යනු ලබන යූ ටියුබ් නාලිකාවක් ඔස්සේ පළ කරන ලද අදහස්, තමන්ට අපහාසාත්මක වන බවත්, එම ප්‍රකාශ තුළින් ශ්‍රේෂ්ඨාධිකරණයට අපකීර්තියක් සිදුවන බවත් පෙන්වා දෙමිනි.

මෙම සමාව පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණය, චමුදිත සමරවික්‍රම මහතා වෙත ඔහුගේ නීතිඥවරයා මාර්ගයෙන් දැඩි ලෙස අවවාද කිරීමට ද කටයුතු කළේය. පදනම් විරහිත සහ අපහාසාත්මක ප්‍රකාශ සිදුකිරීමේ බරපතල ප්‍රතිවිපාක අවධාරණය කළ අධිකරණය,

විශේෂයෙන්ම යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට සම්බන්ධ පුද්ගලයින් හෝ ආයතන ඉලක්ක කරගනිමින් අන්තර්ගතයන් නිර්මාණය කිරීමේදී වඩාත් වගකීමෙන් සහ වෘත්තීය භාවයකින් කටයුතු කළ යුතු බවට දන්වා සිටියේය.

නිසි කරුණු තහවුරු කර ගැනීමකින් තොරව පුද්ගලයන්ට අපහාස කිරීමෙන් හෝ නොසැලකිලිමත් ලෙස ප්‍රකාශ සිදුකිරීමෙන් වළකින ලෙස ද අධිකරණය වැඩිදුරටත් චමුදිත සමරවික්‍රම මහතාට උපදෙස් ලබා දුන්නේය.