inmate-dies-in-hospital-after-being-attacked-in-drug-rehabilitation-center

 මීගමුව, කටාන ප්‍රදේශයේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයක දී දෙදෙනකු අතර ඇතිවූ බහින් බස්වීමක් පහරදීමක් දක්වා දුරදිග ගොස් එක් අයකු මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇතැයි කටාන පොලිසිය සදහන් කරයි. 




ඝාතනය සම්බන්ධයෙන් 40 හැවිරිදි පුද්ගලයකු පෙරේදා (1) අත්අඩංගුවට ගත් බව කටාන පොලිසිය පැවැසීය. පහර කෑමට ලක්ව මියගිය පුද්ගලයා සහ අත්අඩංගුවට ගත් සැකකරු තදින්ම අයිස් මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූවන් නිසා දෙදෙනාම කටාන ප්‍රදේශයේ මෙම පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පුනරුත්ථාපනය ලබමින් සිටි බව පොලිසිය කියයි.



 

සැකකාර පුද්ගලයා මැරුම් කෑ පුද්ගලයාගේ යටිබඩ ප්‍රදේශයට දිගට හරහට පා පහරවල් එල්ල කර තිබෙන බව පරීක්ෂණවලින් හෙළිවී ඇතැයි පොලිසිය සඳහන් කරයි. මැරුම් කෑ පුද්ගලයා පොළොන්නරුව නව නගරයේ පදිංචි 44 හැවිරිදි අයකු වන අතර සැකකරු කටුවැල්ලේගම ප්‍රදේශයේ පදිංචි හතළිස් හැවිරිදි අයෙකි. සැකකරු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියි.