
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති අරමුදල් වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය මැන බැලීම සදහා කළ සිවුවැනි සමාලෝචනයට විධායක කමිටුවේ අනුමැතිය හිමිවූ බවත්, ඒ සමග මෙරටට ලබාදී ඇති ණය මුදලේ පස්වැනි වාරිකය ඇමෙරිකානු ඩොලර් කෝටි 35 ක (මිලියන 350) මුදලක් වහාම නිදහස් කෙරෙනු ඇති බවත් ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී ළුවන් පැපජෝජියෝ මහතා පෙරේදා (01) ප්‍රකාශ කළේය.
ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති මාස 48 ක ඇමෙරිකානු ඩොලර් බිලියන 3 විස්තීරණ ණය මුදලෙන් ඩොලර් බිලියන 1.74 ක ප්‍රමාණයක් නිදහස් කර අවසන් බව පැපජෝර්ජියෝ මහතා ප්‍රකාශ කළේය.
ඒ සමග සිවුවැනි සමාලෝචනය සම්පූර්ණ වන බව ද ඔහු පැවැසුවේය. ආර්ථික අර්බුදයෙන් පීඩා විඳි ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් බිලියන 3 ක පමණ ණය මුදලක් වාරික වශයෙන් මාස 48කදී දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 2023 වසරේ මාර්තු 20 වැනිදා අනුමැතිය දුන්නේය.
අවදානමට ලක්විය හැකි ජනතාව ආරක්ෂා කරන අතරතුර මෙරට මූල්‍ය හා ණය තිරසාරභාවය යථා තත්වයට පත් කිරීම, මිල සහ මූල්‍ය අංශයේ ස්ථාවරත්වය සහතික කිරීම, විදෙස් සංචිත ගොඩනැගීම, රාජ්‍ය පාලනය ශක්තිමත් කිරීම හා වංචා, දූෂණ ඇතිවීමට තිබෙන අවදානම අවම කිරීම, ආර්ථික වර්ධනය අරමුණු කරගත් ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම තුළින් සාර්ව ආර්ථික ස්ථාවරත්වය කල් පවතින ලෙස යථා තත්වයට පත් කිරීමට ශ්‍රී ලංකාව දරන උත්සාහයට සහායවීම එම වැඩසටහනේ අරමුණ විය.
පසුගිය අප්‍රේල් 25 වැනිදා මෙරටට ලබාදී ඇති අරමුදල් වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ප්‍රගතිය මැන බැලීම සඳහා සිදු කළ සිවුවැනි සමාලෝචනය සම්බන්ධයෙන් කාර්ය මණ්ඩල ගිවිසුමට එළැඹිණි. එහෙත් එය විධායක කමිටු අනුමැතිය සඳහා යොමු කිරීමට ප්‍රථම පූර්ව ක්‍රියා දෙකක් සම්පූර්ණ කළ යුතු බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළේය.
එම පූර්ව ක්‍රියා අතර විදුලිය උත්පාදනය කිරීමට වැයවන මුදලට සරිලන ගාස්තු ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම සහ පිරිවැයට සරිලන ලෙස විදුලිය ගාස්තුව ස්වයංක්‍රීයව සංශෝධනය වන යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව සහතික කිරීම විය. ඒ අනුව යමින් ශ්‍රී ලංකාව විදුලිය ගාස්තුව ඉහළ දැමීමට කටයුතු කළේය.
ශ්‍රී ලංකාව සිය විදුලිය ගාස්තුව සියයට 15 කින් වැඩි කිරීමට ගත් තීරණයත්, පූර්ව ක්‍රියාව සපුරාලීමට ගත් අනෙකුත් ක්‍රියා මාර්ගත් කාර්ය මණ්ඩල එකගතාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටු අනුමැතිය සඳහා යොමු කිරීමට ප්‍රමාණවත්දැයි ඇස්තමේන්තු කිරීමෙන් අනතුරුව පසුගියදා විධායක කමිටු අනුමැතිය සඳහා කාර්ය මණ්ඩල එකගතාව යොමුකර තිබිණි.එහිදී ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග ප්‍රමාණවත්වීම හේතුවෙන් පස්වැනි චාරිකය මුදාහැරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුව අනුමැතිය දී ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval