රාගම, බටුවත්ත, මිහිඳු මාවත ප්‍රදේශයේදී "ආමි උපුල්" යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලැබූ පාතාල ලෝකයේ ක්‍රියාකාරිකයෙකු යැයි සැලකෙන පුද්ගලයෙකු අද (3) රාත්‍රී වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලිසිය වාර්තා කරයි.
මෙම ඝාතනය ත්‍රිරෝද රථයකින් පැමිණි හඳුනාගත නොහැකි පුද්ගලයින් දෙදෙනෙකු විසින් සිදු කර ඇති අතර,
පොලිසිය ප්‍රකාශ කරන අන්දමට,
මියගිය "ආමි උපුල්" යනු මීට පෙර මියගිය "ගනේමුල්ල සංජීව" නම් පාතාල නායකයාගේ සමීප සහකරුවෙකු ලෙස සැලකේ. "ගනේමුල්ල සංජීව" යනු මීට පෙර කොළඹ අධිකරණ සංකීර්ණය තුලදී වෙඩි තබා ඝාතනය කරනු ලැබූ පුද්ගලයාය.
මෙම ඝාතනය පිස්තෝලයක් භාවිතයෙන් සිදු කර ඇති බවට සැක කෙරෙන අතර, එය දැනට පවතින පාතාල කල්ලි අතර ගැටුම් හා සම්බන්ධ විය හැකි බව පොලිසිය සඳහන් කරයි.
පොලිසිය වැඩිදුරටත් පවසන්නේ මෙම සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ දැනට සිදු කරමින් පවතින බවයි.
Comments
Post a Comment
Your comment will be visible after approval