
මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වාද්දුව, මොල්ලිගොඩ පදිංචිකරුවෙකු වූ 59 හැවිරිදි නිශ්ශංක කිංස්ලි ලාල් ද සිල්වා මහතා බව පොලිසිය විසින් හඳුනාගෙන තිබේ.
වාද්දුව ප්‍රදේශයේ පැවති මෙම විවාහ මංගල උත්සවය නිමවීමට ආසන්නව තිබියදී, මියගිය පුද්ගලයා සතුටින් නර්තනයේ යෙදෙමින් සිටින අතරතුර එක්වරම ඇද වැටී ඇත. වහාම ඔහුව පානදුර මූලික රෝහල වෙත රැගෙන ගියද, රෝහලට ඇතුළත් කරන විටත් ඒ මහතා මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග තහවුරු කළේය.
මෙම හදිසි මරණය සම්බන්ධයෙන් වාද්දුව පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක විතානගේ මහතාගේ මෙහෙයවීම යටතේ වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval