customs-revenue-exceeds-rs-1-trillion-in-6-months

 මෙම වසරේ ගතවූ මුල් මාස හයක කාලය තුළ රුපියල් ට්‍රිලියනයක (බිලියන 1,000) ආදායම් සීමාව ඉක්මවා යාමට ශ්‍රී ලංකා රේගුව සමත්ව ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, සීවලී අරුක්ගොඩ මහතා පවසයි.



කොළඹදී අද (03) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා පෙන්වා දුන්නේ, වසරේ පළමු අර්ධය තුළම මෙම සුවිශේෂී ආදායම් මට්ටම වාර්තා කිරීමත් සමඟ, රජය විසින් පනවා ඇති රුපියල් ට්‍රිලියන 2.115ක (බිලියන 2115) වාර්ෂික ඉලක්කය ද ඉක්මවා යා හැකි වනු ඇති බවට දැඩි විශ්වාසයක් පවතින බවයි.

මෙම ආදායම් වර්ධනයට ප්‍රධාන හේතුව ලෙස ශ්‍රී ලංකා රේගුව තුළ ක්‍රියාත්මක කරන ලද ආදායම් රැස්කිරීමේ ක්‍රමවේදයන් ප්‍රතිව්‍යුහගත කිරීම ඉවහල් වූ බවද සීවලී අරුක්ගොඩ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.